මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව වැඩි ඡන්ද එකකින් පරාජයට පත්ව තිබේ.

එම සභාවේ සභාපති චින්තක හේවාපතිරණ මහතා (ජාජබ) විසින් ඊයේ (13) දිනයේදී එම අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ පාලක කණ්ඩායම ඊට පක්ෂව ඡන්ද 22ක් ලබාදුන් අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය අයවැයට විරුද්ධව ඡන්ද 23ක් ලබාදී තිබිණි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය හිමිවූයේ සජබ ප්‍රමුඛ විපක්ෂයට වන අතර කෙටි කලක් තුළ එහි සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට ලක්වීමෙන් අනතුරුව ජාතික ජන බලවේගය විසින් එම සභාවේ බලය අත්පත් කරගත්තේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...