ජනාධිපති ට්‍රම්ප් ග්‍රීක තානාපති කිම්බර්ලි ගිල්ෆොයිල් ධුරයෙන් ඉවත් කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14:
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීසියේ ඇමෙරිකානු තානාපතිනි කිම්බර්ලි ගිල්ෆොයිල්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඇය ට්‍රම්ප්ගේ පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්ගේ හිටපු පෙම්වතිය වන අතර 2026 ඔක්තෝබර් 13 වැනිදා වාර්තා වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කේටි සකාරියා ප්‍රකාශ කර ඇත්තේ කිම්බර්ලි ගිල්ෆොයිල්ට එල්ල වී ඇති අයථා හැසිරීම් සහ දේශපාලන බලපෑම් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ චෝදනා හේතුවෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවත්, ජනාධිපති ට්‍රම්ප් ද ඇයට එල්ල වී ඇති චෝදනා පිළිබඳව සිය අප්‍රසාදය පළ කර ඇති බවත්‍ ය.

වාර්තාවලට අනුව, ගිල්ෆොයිල්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ ඇමෙරිකානු පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් වෙත ප්‍රවේශය ලබාදීම වෙනුවෙන් දේශපාලන ආධාරකරුවකුගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කිරීමයි. ඇමෙරිකානු ව්‍යාපාරිකයකු වන එරික් ඩීටර්ස් විසින් ඇය තම ඇමෙරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ්පත් බිල්පත ගෙවීම සඳහා ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කර තිබේ.

එමෙන්ම, ග්‍රීසියේ ව්‍යාපාරිකයන් සහ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව සමඟ ඇය පැවැත්වූ සබඳතා පිළිබඳව ද වාර්තා පළ වී ඇති අතර ඇතැම් වාර්තාවලට අනුව, ග්‍රීක සමාගමක ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික බලපෑම භාවිත කළ බවට ද ඇයට චෝදනා එල්ල වී තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පරීක්ෂක ජනරාල් කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ගිල්ෆොයිල් සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. තම කීර්තිනාමය සහ අවංකභාවය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන බව ද ඇය ප්‍රකාශ කර ඇත. චෝදනා සම්බන්ධයෙන් අවසන් නීතිමය නිගමනයක් ප්‍රකාශයට පත් වී ඇති බවක් මෙතෙක් වාර්තා වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...

14 වන ලියෝ පාප් වහන්සේ පෙනහළු පිළිකා සැත්කමකට බඳුන් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ශුද්ධෝත්තම 14...