ප්‍රශ්නය මොකක් වුණත් උත්තරේ එකයි — “මම නීතිඥවරියක්” ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ නිතර ඇසෙන ප්‍රකාශය ගැන කතාබහක්!

සටහන – පුලී

ඔක්තෝම්බර් 15, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව මාධ්‍ය ලේකම්වරිය ලෙස පත් කළ කේටි සකාරියා (Katie Zacharia) මේ දිනවල අවධානයට ලක්වන්නේ ඇයගේ තනතුර නිසා පමණක් නොව, ඇය ප්‍රසිද්ධියේ නැවත නැවතත් අවධාරණය කරන එක් විශේෂ හැඳින්වීමක් නිසාය.

ඒ, “මම නීතිඥවරියක්” යන්නයි.

ට්‍රම්ප් ඇයව නව මාධ්‍ය ලේකම්වරිය ලෙස හඳුන්වා දීමේදී ද ඇය නීතිඥවරියක් බව සඳහන් කළ බව වාර්තා වන අතර, සකාරියා ද විවිධ රූපවාහිනී වැඩසටහන් සහ සම්මුඛ සාකච්ඡා අතරතුර තම නීතිමය පසුබිම පිළිබඳව අවධාරණය කර තිබේ.

2026 ඔක්තෝබර් 5 වැනිදා Greg Kelly Show වැඩසටහනට එක්වෙමින් සකාරියා පවසා ඇත්තේ ද, “මම නීතිඥවරියක්” යනුවෙනි.

එමෙන්ම, 2026 අගෝස්තු 31 වැනිදා Fox & Friends First වැඩසටහනේදී ඇය සඳහන් කර ඇත්තේ නීතිඥවරියක ලෙස ක්‍රියා පටිපාටියට අදාළ පියවර අතිශයින් වැදගත් වන බවයි.

අගෝස්තු 14 වැනිදා “In Front of Us” පෝඩ්කාස්ට් වැඩසටහනට එක්වෙමින් ද ඇය තමන් නීතිඥවරියක් බවත්, Pepperdine Law ආයතනයේ අධ්‍යාපනය ලැබූ බවත් සඳහන් කර තිබේ.

තවද, 2026 පෙබරවාරි 7 වැනිදා ප්‍රධාන නාලිකාවක් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ඇය පෙන්වා දී ඇත්තේ දිවුරුම් දී ප්‍රකාශයක් ලබාදීම සහ මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදීම අතර සැලකිය යුතු වෙනසක් පවතින බවයි.

නීතිමය පසුබිමෙන් මාධ්‍ය ලෝකයට!

මාධ්‍ය ලේකම්වරයෙකුගේ කාර්යභාරය වන්නේ රජයේ තීරණ, ප්‍රතිපත්ති සහ ජනාධිපතිවරයාගේ ස්ථාවරය ජනතාවට පැහැදිලි කිරීමයි. එවැනි තනතුරකදී නීතිමය ක්‍රියා පටිපාටි පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත් විය හැකිය.

එහෙත්, සකාරියාගේ ප්‍රකාශයන් දෙස බලන විට අවධානය යොමුවන්නේ ඇයගේ නීතිමය පසුබිම පිළිබඳව පමණක් නොවේ. විවිධ අවස්ථාවලදී තමන් නීතිඥවරියක් බව නැවත නැවතත් සඳහන් කිරීම ද කැපී පෙනෙන කරුණකි.

දේශපාලන සන්නිවේදනයේදී පුද්ගලයෙකුගේ වෘත්තීය පසුබිම, ප්‍රසිද්ධ ප්‍රකාශ සහ තමන්ව හඳුන්වා දෙන ආකාරය මහජන අවධානයට ලක්වීම සාමාන්‍ය දෙයකි.

කේටි සකාරියාගේ අවස්ථාවෙන් ද මතු වන්නේ එවැනි ප්‍රශ්නයකි: රජයේ ඉහළ මාධ්‍ය තනතුරක් දරන පුද්ගලයෙකුට තම වෘත්තීය සුදුසුකම් කොතරම් වැදගත්ද? එමෙන්ම, එම සුදුසුකම් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් ජනතාවට ලැබෙන පණිවිඩය කුමක්ද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...