ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ ඉල්ලීම ගැන තීරණයක් ගැනීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු දැනුම් දී තිබේ.

එහිදී භික්ෂූන් එම ඉල්ලීමට එකඟ නොවී ඇති අතර ජනාධිපති ලේකම්වරයාට නිල ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් පවසා ඇති බව සඳහන්.

එම භික්ෂූන් වහන්සේලා මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධය පළකරමින් සිටිති.

මහනුවර සිට පාගමනින් පැමිණි මෙම භික්ෂූන් වහන්සේලා අද (15) සවස වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර උන්වහන්සේලාව හමුවීමට ජනාධිපති ලේකම් සනත් නන්දික කුමානායක මහතා ද පිටතට පැමිණියේය. එහිදී භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ ඇති බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙස ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...