දිට්වා ආපදාවෙන් විපතට පත් පවුල් 237ක් සඳහා වන්දි ප්‍රදානය කෙරේ!

නදීක දයා බණ්ඩර – මහනුවර

කොළඹ LNW:දිට්වා ආපදා හේතුවෙන් යළි පදිංචි කරන පුද්ගලයන්ගේ ජීවිත ගොඩනැඟීමේදී පියවරක් හෝ ඉදිරියට තැබීමට උත්සාහ කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ගේ ජීවිත යළි ගොඩනඟන විට ඔවුන් අඩියක් හෝ ඉස්සරහට තැබිය යුතු බවත්, රජය උත්සාහ කළ යුත්තේ හිටපු තැනටම සීමා වීමට හෝ ආපස්සට යාමට නොව ඉදිරියටම යෑම බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වී යළි පදිංචි කිරීමට නියමිත පවුල් 237ක් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම නිමිත්තෙන් මහනුවර මහ නගර සභාවේ කරළිය ශාලාවේදී ඊයේ (15) පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ඉතාමත්ම හොඳින් මුදල් පරිහරණය කිරීමේ හැකියාව වත්මන් රජයට තිබෙන බවත්, වංචාව, දූෂණය හා නාස්තිය නැති කරපු නිසා ණය නොවී ආපදා වන්දි මුදල් ලබාදීමට ආණ්ඩුවට හැකියාව ලැබුණු බවත් සඳහන් කළාය.

මහා භාණ්ඩාගාරයේ මුදල් තිබුණු නිසා ඉතාමත්ම ඉක්මණින් මෙම ආපදා සඳහා සහන සැලකීමට සහ නව නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබුණු බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, මෙම සියලු කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වූයේ මෙරට තිබූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කළ නිසා බව පෙන්වා දෙන ලදී.

දිට්වා ආපදා තත්ත්වය යනු ගෝලීයව සිදුවන කාලගුණික විපර්යාස නිසා හටගත් තත්ත්වයක් වුවද, ඉදිරියේදී මෙවැනි ඛේදවාචකයන් වළක්වා ගැනීමට, ඒවාට මුහුණ දීමට සහ අවදානම් අවම කිරීමට ගත යුතු පියවර පිළිබඳව අප නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතු බව ඇය අවධාරණය කළාය. විශේෂයෙන්ම මධ්‍යම පළාත යනු පාරිසරිකව අතිශයින්ම සංවේදී කලාපයක් වන බැවින්, එම කලාප අධීක්ෂණය කරමින් ජනතාව ජීවත්වීමට සුදුසු ස්ථිර ස්ථානවල පදිංචි කරවීම සඳහා විශේෂ අධිකාරියක් අනුමත කර ඇති බවද ඇය සඳහන් කළාය.

ආපදාවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ මූලික පියවරක් ලෙස සියලුම පවුල්වලට රුපියල් 25,000ක මුදලක් ලබා දුන් අතර, නැවත නිවෙස්වලට යාමට හැකි වූ අයට රුපියල් 50,000ක මුදලක්ද, පාසල් දරුවන්ගේ පොත්පත් සඳහා රුපියල් 15,000ක මුදලක්ද ලබා දීමට කටයුතු කළේය.

මීට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සහ මියගිය සහ පූර්ණ ආබාධිත තත්වයට පත් වූ පුද්ගලයන්ගේ නෑදෑයින්ටද අවශ්‍ය වන්දි ලබා දී ඇතැයි අග්‍රාමාත්‍යවරිය කීවාය.

මෙම දුෂ්කර අවස්ථාවේදී රජයට සහයෝගය දැක්වීම සඳහා ජාත්‍යන්තර සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම අසල්වැසි රටවල් වන ඉන්දියාව, චීනය සහ බංග්ලාදේශය ඇතුළු රටවල් රැසක් සෑම අතින්ම උදව් උපකාර කළ බව අග්‍රාමාත්‍යවරිය කෘතඥපූර්වකව සිහිපත් කළාය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ජගත් මනුවරණ, නීතිඥ තුෂාරි ජයසිංහ, මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන්ද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, ප්‍රතිලාභී පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරු ඝාතනය : ගාල්ල අපරාධ කොට්ඨාසයේ හිටපු OIC අත්අඩංගුවට !

ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු බව පැවසෙන...

නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධයට අධිකරණයෙන් තහනම් නියෝගයක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් ලබා සිටින...