ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරු ඝාතනය : ගාල්ල අපරාධ කොට්ඨාසයේ හිටපු OIC අත්අඩංගුවට !

ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු බව පැවසෙන අල්මේදා නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මීට පෙර ද මෙම සිද්ධියට අදාළව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව අත් අඩංගුවට ගෙන තිබිණි.

කොන්ක්‍රීට් කණුවක බැඳ ගිං ගඟට දමා තිබූ පුද්ගල මළ සිරුරක් පසුගිය ජුනි 23 වනදා පෝද්දල පොලීසියට හමුවී තිබුණු අතර පසුව එය ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු වූ විරාජ් රෂ්මික ද සොයිසා හෙවත් අල්මේදා නමැත්තාගේ බව අනාවරණය වී තිබිණි. මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබුණේ ඔහුව තියුණු ආයුධයකින් ගෙලට පහරදීමෙන් ඝාතනය කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා හදිසි...

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ඉන්දියාවේ සිට මුහුදු...

කාඩ්පත් හිඟයක් : රියදුරු බලපත්‍ර 673,000ක් මුද්‍රණය කිරීම අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : මුද්‍රණ යන්ත්‍ර සහ...

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...