ක්‍රිෂ් ගණුදෙනුවේ මූල්‍ය වංචා හෙළි කරගන්න අවශ්‍ය ඕනෑම සහයක් දෙනවා – ව්‍යාපාරිකයෙක් අධිකරණයට කියයි

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ක්‍රිෂ් ගණුදෙනුවේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචා හෙළි කරගැනීමට අවශ්‍ය ඕනෑම මොහොතක සහය දෙන බව ව්‍යාපාරිකයෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අධිකරණය වෙත දැනුම් දී තිබේ.

එම ව්‍යාපාරිකයා මෙම ගණුදෙනුවේදී මුදල් හුවමාරු කරගත් බව කියන බැංකු ගිණුමක හිමිකරුවෙක් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම විමර්ශනයට අදාළව ව්‍යාපාරිකයා සතුව තිබූ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ යළි ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට අදාළව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේය.

ක්‍රිෂ් ගණුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශනවලදී දැනට ඕස්ට්‍රේලියාවේ සිටින නිමල් පෙරේරා යන අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙම ව්‍යාපාරිකයාගෙන් අවස්ථා තුනකදී ප්‍රකාශ ලබාගෙන ඇති බවද නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

අදාළ භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබෙන බවත් එම වාර්තාව ලද පසු අදාළ භාණ්ඩ හිමිකරුවන් වෙත ලබා දීම සඳහා තීරණය ගැනීමට නියමිත බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා හදිසි...

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ඉන්දියාවේ සිට මුහුදු...

කාඩ්පත් හිඟයක් : රියදුරු බලපත්‍ර 673,000ක් මුද්‍රණය කිරීම අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : මුද්‍රණ යන්ත්‍ර සහ...

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...