ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගයක් !

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

උලපනේ සුමංගල හිමි ඇතුළු 54 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බවත් වාර්තා විය.

එමෙන්ම මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් කැඳවා ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවාගේ අනතුරු ඇඟවීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

අද නවෝත්පාදනය – හෙට පෝෂණය: ලෝක ආහාර දිනයේදී මතු වන ප්‍රධාන අභියෝගය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : ලොව පුරා මිලියන...

හෙළ ගීත කලාවේ අමරණීය ‘ස්වර්ණ කිකිණි රාවය’ ප්‍රවීන ගේය පද රචක සෝමපාල ලීලානන්දයන් දිවි සැරිය නිම කරයි

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලාංකේය සිනමාවටත්, ගීත සාහිත්‍යයටත් සිය...