“පලස්තීන ප්‍රශ්නය මෙම සියවසේ සිදුවූ විශාලතම ඓතිහාසික අසාධාරණයයි” – චීන විදේශ ඇමති

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 :
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී විසින් ඊශ්‍රායල ජනාවාස පිහිටවීම සම්බන්ධයෙන කරන ලද ප්‍රකාශයක් මේ වන විට ජාත්‍යන්තර මධ්‍ය අවධානයට ලක්ව තිබේ.

එනම් මේ දිනවල අසර්බයිජානයේ බකු නුවර පැවැත්වෙ අසර්බයිජානයේ බකු හි පැවැත්වෙන ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ හත්වන සමුළුවට සහභාගී පැවති රැස්වීමකදී පලස්තීන ප්‍රශ්නය මෙම සියවසේ සිදුවූ විශාලතම ඓතිහාසික අසාධාරණය බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස බලහත්කාරයෙන් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය නතර කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බවයි.

පලස්තීන භූමියේ ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විරෝධය අඛණ්ඩව පවතින පසුබිමක චීනය මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර 1967 වසරේ සිට ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ ජනාවාස ඉදිකිරීම් ජාත්‍යන්තර නීතියට පටහැනි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන පෙන්වා දී තිබේ. පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ පලස්තීන ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු බව ද චීනය අවධාරණය කර ඇත.

මැදපෙරදිග කලාපය තුළ චීනය ඉරානය, සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල් සමඟ ද චීනය සිය ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කරගෙන ඇති අතර එක්සත් ජනපද-චීන ආර්ථික හා ආරක්ෂක සමාලෝචන කොමිසමේ වාර්තා අනුව, චීනය ඉරානයේ ප්‍රධානතම වෙළඳ හවුල්කරුවෙකු වන අතර ඉරාන තෙල් අපනයනවලින් විශාල ප්‍රමාණයක් චීනය වෙත යොමු වේ. 2021 වසරේදී දෙරට අතර වසර 25ක සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් කර තිබිණී.

මෙවැනි පසුබිමක, පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය සහ මැදපෙරදිග කලාපයේ රටවල් සමඟ පවත්වාගෙන යන සබඳතා කලාපීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළ වැදගත් සාධක ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරු ඝාතනය : ගාල්ල අපරාධ කොට්ඨාසයේ හිටපු OIC අත්අඩංගුවට !

ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු බව පැවසෙන...

නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධයට අධිකරණයෙන් තහනම් නියෝගයක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් ලබා සිටින...