නව අධ්‍යාපන ප්‍රතිසංස්කර: ජාතික විෂය මාලා රාමුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ට පිළිගන්වයි

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ජාතික විෂය මාලා රාමුව පිලිබඳ දැනුවත් කිරීම සහ ජාතික විෂය මාලා රාමුව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරත්න ස්වාමීන් වහන්සේ සහ අනුනායක නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහනේසේ වෙත පිළිගැන්වීම ඔක්තොබර් 15 දින අස්ගිරි මහා විහාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදු කළාය.

2027 වසරේ සිට 2 ශ්‍රේණිය සහ 6ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමත්, ගුරු පුහුණුව සහ නව බඳවා ගැනීම් නොවැම්බර් මාසයතුළ සිදු කිරිමට සැළසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසීය.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන් වහන්සේ වෙත සහ අනු නායක නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ වෙත සංශෝධිත ජාතික විෂය මාලා රාමුව පිළිගැන්වීම සිදු කළාය.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, නගරාධිපති, උපනගරාධිපති ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“කාවන්තිස්ස” ඔබත් ගිහින්……

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...