කාවන්තිස්ස මහ ඇතු සුවපත් කරන්න හැම සතයක්ම මම ගෙවනවා – ඩඩ්ලි පෙරට එයි !

ගිලන්ව සිටින කාවන්තිස්ස මහ ඇතා සුවපත් කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් සියලුම වියදම් දැරීමට කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරිපත්ව සිටී.

ඒ අනුව, තායිලන්තයෙන් වෛද්‍ය කණ්ඩායමක් ගෙන්වීම සඳහා කටයුතු කරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ.

ඩඩ්ලි සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ද දැනුවත් කර ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සම්බන්ධ කරගනිමින් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන් දෙකක් පහතින් දැක්වේ.

කාවන්තිස්ස හස්තියා මේ වනවිට රෝගාතුරව සියඹලන්ගමුව ප්‍රදේශයේ කුඹුරක ඇදවැටී සිටී. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම් ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා ප්‍රතිකාර කටයුතුවල නිරත වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...

ශිරන්ති රාජපක්ෂට ඇප !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...