ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමේ ඉල්ලීම කොහෙත්ම ඉටු කරන්න බෑ. ඒක අපේ ජනවරමට පටහැණියි – ඇමති ලාල්

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට 2019 වසරේදී ලබාදී තිබුණු ජනාධිපති සමාවේ තිබූ බව කියන තාක්ෂණික දෝෂ නිවැරදි කර උන්වහන්සේ නිදහස් කරන ලෙස මහනුවර සිට කොළඹට පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා කළ ඉල්ලීම ඉටු කළ නොහැකි එකක් බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – දැන් ඥානසාර ස්වාමීන් වහන්සේගේ සිද්ධිය සම්බන්ධයෙන් රටේ ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා දැඩි විරෝධයක් පළ කරනවා උන්වහන්සේව නිදහස් කරන්න කියලා. ඔබතුමාගේ මතය මොකක්ද මේ සම්බන්ධව ?

“මම හිතන්නේ දින කිහිපයක පා ගමනක් ආවා. ඊයේ පා ගමන අවසන් වුණා. මේ වනවිට වාර්තා වන අන්දමට උසාවි නියෝගයක් මත උන්වහන්සේලා උද්ඝෝෂණයෙන් ඉවත් වෙමින් ඉන්නවා. කොහොම වුණත්, අපේ හාමදුරුවන් වහන්සේලාටත්, පොදු ජනතාවටත්, සෑම සියලු දෙනාටමත් දැනගැනීම සඳහා ස්ථිරව යමක් කිව යුතුව තිබෙනවා. ඒ තමයි බලන්න ජනවරම දිහා. අපිට ලැබිච්ච ජනවරම දිහා හැමෝම බලන්න.

ඒ ජනවරම මත පදනම් වෙලා තමයි, ජනාධිපතිතුමා ගන්න තීරණ ගන්නේ. ඒ වගේම ආණ්ඩුව තීරණය ගන්නේ ජනවරමත් එක්ක. මේ ජනවරමේ තියෙන්නේ, නීතියේ ආධිපත්‍ය ඉල්ලලා තියෙන ජනවරමක් තියෙන්නේ. නීතිය සැමට සමානව තියෙන ඕනෙ කියන ජනවරමක් මේ තියෙන්නෙ. ඒ දිසාවට රට හරවලා තියෙන්නේ. ඒක කවුරුත් දන්නවා.

ඉතිං අපේ පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි ඇත්තටම. ඒක ඉෂ්ට කරන්න බෑ. ඒක ඉෂ්ට කළොත් ජනාධිපතිතුමත් ආණ්ඩුවත් ජනවරමට පිටුපෑවා වෙනවා. ඒ නිසා ජනවරමට පිටුපාන්න කිසිසේත්ම බෑ.

ඉල්ලන්න ඕනෙ කරන්න පුළුවන් දෙයක්. මේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීමක් නෙවෙයි. ඒක අපේ හාමුදුරුවන් වහන්සේලාට තේරුම් ගන්න පුළුවන් දෙයක්. කොහොම වුණත් පහුගිය රජයන් මොන තීන්දු දුන්නත් ඒවා වට්ටලා, ඒවා වෙනස් කරලා ජනතාව මේ රජය ගෙනාවේ ඒ අවධියේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක නොවුණු නිසා. ඒ අවධියේ නීතිය ක්‍රියාත්මක වුණු විදිය මේ රට පිළිකෙව් කරන දෙයක්. නීතිය එක එක්කෙනාට ඕනෙ ඕනෙ විදියට ක්‍රියාත්මක කළේ. දැන් එහෙම කරන්න බෑ. එහෙම ජනවරමක් දැන් නෑ. මේක ඇත්තම කියනවා නම් දැන් අලුත් ලංකාවක්. පරණ ලංකාව නෙවෙයි”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...

අද (17) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 17) දිනයේදී දිවයිනේ බොහෝ...

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...