කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (17) සියඹලන්ගමුව ප්‍රදේශයේදී සිදුකෙරිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්ථාවට එක්ව සිටි අතර භික්ෂූන් වහන්සේලා වැඩමවා කාවන්තිස්ස ඇතුට පාංශුකූලය ලබාදී ආගමික වතාවත් ද සිදුකළේය.

පාදයකට වෙඩි වැදීමෙන් තුවාල ලබා දින ගණනක් තිස්සේ රෝගාතුරව සිටි කාවන්තිස්ස හස්තියා පෙරේදා (16) පෙරවරුවේ සියඹලන්ගමුව ප්‍රදේශයේ වෙල් යායක වැටී සිටියදී හමුවූ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍යවරුන් එම ඇතුට ප්‍රතිකාර කිරීමට උත්සාහ කළත් එදින සවස වනවිට එම ඇතු මරණයට පත්ව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...