රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වන සංජය සමරසිංහගේ නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (16) රාත්රියේ සෝදිසි කර තිබිණි.
එහිදී හමුවූ ආරක්ෂිත සේප්පුවක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ගල්කිස්ස ප්රදේශයේ පිහිටි සංජය සමරසිංහගේ නිවසට පෙරේදා රාත්රී 10.30ට පමණ පැමිණි මෙම අල්ලස් කොමිසමේ කණ්ඩායම ඊයේ අලුයම 04.30 පමණ වනතෙක් සෝදිසිකිරීම් සිදුකර තිබූ බවයි නීතීඥ මනෝජ් ගමගේ මාධ්ය වෙත පවසා තිබුණේ.
සබැඳි පුවත් –


