කිරිඳිවැල ප්රදේශයේ සිනමා ශාලාවක සඟවා තිබූ ගිනිඅවි, ජීව උණ්ඩ සහ ජීව අත්බෝම්බ සමග සැකකරුවකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් අනුව ඊයේ (17) සවස කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්රදේශයේ සිනමා හලක් සෝදිසි කිරීමේදී මේවා හමුවී ඇති බව සඳහන්.
එහිදී එම සිනමා ශාලාව තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තොල අවි 02, රිවෝල්වර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත රීපිටර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත බොර 12 අවියක්, බෝර 12 ජීව පතොරොම් 398ක්, බෝර 16 ජීව පතොරොම් 278, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 49ක්, පොයින්ට් 32 අවියට යොදන ජීව පතොරොම් 3083ක් සහ ජීව අත්බෝම්බ 02ක් අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
එමෙන්ම මෙම අවි ආයුධ තොගය සමග මිල්ලතේ ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
කොලඹ දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.


