(Video)යුද හමුදාවේ සහයෙන් ‘අග්බෝ’ හමුවෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW :

අග්බෝ ඔබ සුවෙන්… ඔබ සොයාගත් විරුවණි ඔබට ප්‍රණාමය …

‘අග්බෝ’ වන අලියා සොයා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර
අද (ඔක්තෝබර් 19) අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව ඉහත්තෑව කැලෑ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ඇතිව එම ඇතා සොයා ගැනීමට හැකි වී තිබේ.

පරිසර අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් මත, වනජීවී නිලධාරීන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ කණ්ඩායමක් මෙහෙයුමට යොදවන ලදී.

මෙහෙයුමේ ආරම්භක අදියරේදී යුද හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් යොදවා තිබූ අතර, සෙවීම් කටයුතු කඩිනම් කිරීම සඳහා පසුව එම භට පිරිස් සංඛ්‍යාව තවදුරටත් වැඩි කරන ලදී.

වනජීවී නිලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුද හමුදා සාමාජිකයෝ, ‘අග්බෝ’ වන අලියා සොයා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමට සහාය ලබා දුන්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් වෙනුවෙන් සමෘද්ධියෙන් රුපියල් මිලියන 5,011ක්!

කොළඹ LNW:2026 වර්ෂය තුළ සමස්ත ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා...

රුසියානු සම්බාධක ලිහිල් කිරීමත් සමඟ තෙල් මිල පහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : ඇමෙරිකා-රුසියානු ඩීසල් ගිවිසුම...

විශ්වවිද්‍යාල සිසුන් වෙත අක්ෂි සත්කාරයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : දිවයින පුරා විශ්වවිද්‍යාල...

ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලන්ඩන් කෞතුකාගාරයේ යළිත් බැබලෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : ලොව ඇති විශිෂ්ටතම...