සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ වන විනාශය වාර්තාගත අවම මට්ටමකට පහත වැටී තිබේ.
1988 වසරේ වන විනාශය වාර්තා තැබීම ආරම්භ කළ දා සිට වනාන්තර එළිපෙහෙළි කිරීමේ අඩුම ප්රමාණය මෙය බව වාර්තා වේ.
මෙම වර්ධනය බ්රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ පරිසර සංරක්ෂණ ප්රතිපත්තිවල සාර්ථකත්වයක් ලෙස සැලකෙන අතර, ජනාධිපතිවරණයේ තීරණාත්මක ඡන්ද විමසීමක් ආසන්නයේ ඔහුට දේශපාලන වාසියක් ලබාදිය හැකි බව ද සඳහන් වේ.
ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරය ගෝලීය දේශගුණික සමතුලිතතාව පවත්වා ගැනීම, කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීම සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වේ.
වනාන්තර විනාශය අඩු කිරීම සඳහා නීති ක්රියාත්මක කිරීම, නීතිවිරෝධී වනාන්තර එළිපෙහෙළි කිරීම් පාලනය කිරීම සහ පරිසර සංරක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම බ්රසීලයේ ප්රධාන අභියෝග අතර වේ. කෙසේ වෙතත්, වනාන්තර විනාශය පහත වැටීම දිගුකාලීනව පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ පියවර ගැනීම අවශ්ය බව පරිසර සංරක්ෂණ ක්ෂේත්රයේ අවධානයට ලක්ව තිබේ.
ලෝකයේ පෙනහළු ලෙස විරුදාවලිය ලත් ඇමසන් වනාන්තරය ආරක්ෂා කිරීම, ගස් රැකීම පමණක් නොව මුළු පෘථිවියේම ජෛව විවිධත්වය, දේශගුණික සමතුලිතතාව සහ අනාගත පරපුරේ පැවැත්ම ආරක්ෂා කිරීමක් වන බවයි ලොවපුරා වෙසෙන පරිසර වේදීන් පෙන්වා දෙන්නේ,

