නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජය අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වන සංජය සමරසිංහ අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (19) එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ය.

පසුගිය 16 වනදා රාත්‍රියේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි සංජය සමරසිංහගේ නිවසට ගොස් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබූ අතර එහිදී හමුවූ ආරක්ෂිත සේප්පුවක් තමන් භාරයට ගෙන තිබිණි.

එම සේප්පුවේ තිබී හමුවූ රුපියල් ලක්ෂ 18ක මුදලක මූලාශ්‍රය හෙළිකිරීමට අසමත් වීමේ චෝදනාවක් මත ඊයේ දිනයේදී මෙසේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සංජය සමරසිංහ යනු නාමල් රාජපක්ෂගේ පාසල් සමයේ පටන්ම සමීප මිතුරෙකු ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩු විරෝධීන්ට එරෙහිව ජනතාව පාරට බහින්න පුළුවන්, ඒක අපි වළක්වන්නේ නෑ – ඇමති ප්‍රසන්න

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ...

අලුත් පනත යටතේ කොණ්ඩය සහ පච්ච නිසාත් හිරේ දාන්න පුළුවන් – ජනාධිපති නීතීඥ සාලිය අනතුරු හඟවයි !

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ...

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...