ආණ්ඩු විරෝධීන්ට එරෙහිව ජනතාව පාරට බහින්න පුළුවන්, ඒක අපි වළක්වන්නේ නෑ – ඇමති ප්‍රසන්න

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කරන පාර්ශ්වවලට එරෙහිව ජනතාව පාරට බැසිය හැකි බවත් එය වැළැක්වීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

“ජනතාව දන්නවා මේ ආණ්ඩුව පත්කරගත්තේ කොහොමද, ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනෙ, මොන මොන කුමන්ත්‍රණද යටින් ක්‍රියාත්ම වෙන්නෙ කියන ඒවා ගැන ජනතාවට අවබෝධයක් තියෙනවා. ඒ වෙනුවෙන් ජනතාව පාරට එන්න පුළුවන්. ඉතින් ඒක අපි වළක්වන්නේ නෑ. ආණ්ඩුව විරුද්ධව හෝ පක්ෂව හෝ පාරට එන ඕනෙම කෙනෙකුට අපි ෆැසිලිටේට් කරනවා. ඒක ජනතාවගේ අයිතියක්. ඒ අයිතිය අපි ආරක්ෂා කරනවා”

ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්. වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි...

අලුත් පනත යටතේ කොණ්ඩය සහ පච්ච නිසාත් හිරේ දාන්න පුළුවන් – ජනාධිපති නීතීඥ සාලිය අනතුරු හඟවයි !

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජය අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික...

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...