කලාපයේ අර්ථවත් ආර්ථික ඒකාබද්ධතාවක් වෙනුවෙන් වේදිකාව තනමින් CICA 7 සැසිවාරය නිමවෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ආසියානු කලාපය පුරා අර්ථවත් ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර ගැනීම සඳහා ශක්තිමත් සම්බන්ධතා, ඩිජිටල් පරිවර්තනය සහ සාමාජික රටවල් අතර සමීප හවුල්කාරිත්වය අත්‍යවශ්‍ය වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ CICA 7 වැනි සැසිවාරය අමතමිනි.

අසර්බයිජානයේ සභාපතිත්වයෙන් 2026 ඔක්තෝබර් 15 වැනි දින පැවැති මෙම සමුළුව සඳහා සාමාජික රටවල් 28ක රාජ්‍ය නායකයින්, උප ජනාධිපතිවරුන් සහ විදේශ අමාත්‍යවරුන් එක්ව සිටි අතර, එහිදී වඩාත් ශක්තිමත් සම්බන්ධතාවක්, ඩිජිටල්කරණය සහ තිරසාර සංවර්ධනය හරහා ‘වඩාත් ශක්තිමත් CICA සංවිධානයක්’ ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

‘බාකු ප්‍රකාශනය’ සම්මත කර ගැනීම, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට පූර්ණ සාමාජිකත්වය ලබාදීම, අසර්බයිජාන සභාපතිත්වය (2026-2028) දීර්ඝ කිරීම සහ සුල්තාන් හාජියෙව් CICAහි මහලේකම්වරයා ලෙස පත් කිරීමත් සමග මෙම සමුළුව නිමාවට පත්විය.

මෙම සංචාරය අතරතුර අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා ‘සුගුල්බා මාලිගයේ’ දී හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර, අසර්බයිජානය, බහරේනය, ටජිකිස්තානය, තුර්කිය සහ පලස්තීනය යන රටවල පාර්ශ්වකරුවන් මෙන්ම CICA මහලේකම් තානාපති කයිරට් සරබායි මහතා ද හමුවී තිබේ.

වෙළෙඳාම, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ බලශක්ති සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.

එමෙන්ම, බලශක්ති සහයෝගීතාව සඳහා උපායමාර්ගික අවස්ථා ගවේෂණය කිරීමේ අරමුණින් අසර්බයිජානයේ ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන ‘SOCAR’ සමඟ ඉහළ මට්ටමේ ව්‍යාපාරික හමුවකට ද අමාත්‍යවරයා සහභාගී වී ඇති අතර මෙම සංචාරය සඳහා අසර්බයිජානය සඳහා ප්‍රතීතනය ලත් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ෆසීහා අස්මි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චමරි රොද්‍රිගෝ යන මහත්මීහු ද එක්ව සිටියහ.

මෙම සංචාරය මගින් CICA සංවිධානය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ සාමාජික රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීමට ශ්‍රී ලංකාව ඇති කැපවීම නැවත තහවුරු වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW : ශ්‍රී ජයවර්ධනපුර...

පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාතික ජල සම්පාදන...