ඇතුල්කෝට්ටේ පිහිටි නිපෝන් මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට පැවරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20 , කොළඹ LNW :

ශ්‍රී ජයවර්ධනපුර මාවතේ සිට කැන්දහොය දෙසට විහිදී යන උද්‍යාන රේඛා මධ්‍යගත මාර්ගයට සම්බන්ධ වන, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කර ඇති මාර්ගය නිපෝන් මාවත ලෙස හඳුන්වනු ලැබේ. එම මාර්ගයේ මිහිඳුපුර විහාරස්ථානය දක්වා වූ නීමෝන් මාවත දිගු කාලයක් පවත්වාගෙන යාම සඳහා නිදහස් දීමනාවක් මඟින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව වෙත පැවරීමට 2008-07-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර මාවතේ සිට ශ්‍රී පුණ්‍යස්ථාන විහාරස්ථානය දක්වා වූ මාවතේ ඉතිරි කොටස නිසිපකාරව නඩත්තු කිරීම සඳහා වන ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන, එහි මාර්ග කොටස ද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව වෙත පැවරීමට 2025-03-12 දින පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය කරනු ලැබ ඇත. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාර මණ්ඩලයේ ද අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, මාර්ගය නඩත්තු කර නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා අක්කර 02, රූඩ් 02, පර්චස් 31ක බිම් ප්‍රමාණයකින් යුත් අදාළ මාර්ග කොටස, ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාව වෙත නිදහස් දීමනාවක් ලෙස පැවරීම පිණිස නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලයදීර්ඝ කරයි!

කොළඹ LNW:විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර්...

පූජාපිටිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාතික ජල සම්පාදන...