සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 :
සුඩානයේ ප්‍රදේශ කිහිපයකට එල්ලව ඇති ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් මෑත දිනවල පුද්ගලයන් 160කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වෛද්‍යවරුන් සහ මානව හිමිකම් සංවිධාන උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

2026 ඔක්තෝබර් 19 වැනිදා වාර්තා වූ මෙම සිදුවීම් අතරට අගනුවර වන කාර්ටූම්හි සිදුවූ ප්‍රහාරයක් ද ඇතුළත් වන අතර, එයින් කුඩා දරුවන් තිදෙනකු මියගොස් තිබේ. සුඩානයේ රජයේ හමුදා සහ පැරාමිලිටරි වේගවත් සහායක හමුදාව (RSF) අතර පවතින ගැටුම් මධ්‍යයේ ඩ්‍රෝන ප්‍රහාර වැඩිවීම පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ.

බටහිර කෝර්ඩෝෆාන් ප්‍රාන්තයේ අල්-ඩිබාබ් ප්‍රදේශයේ ප්‍රවාහන මධ්‍යස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 80 දෙනකු පමණ මියගොස් ඇති අතර වෙළෙඳපොළ දිනය අවසන් වීමෙන් පසු නිවෙස් බලා යාම සඳහා ප්‍රවාහන පහසුකම් බලාපොරොත්තුවෙන් ජනතාව එම ස්ථානයට රැස්ව සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ හමුදාවට චෝදනා එල්ල වී ඇති නමුත්, වගකීම පිළිබඳව ස්වාධීන තහවුරු කිරීමක් නොමැත.

එමෙන්ම, ඉතියෝපියානු දේශසීමාව ආසන්නයේ බ්ලූ නයිල් ප්‍රාන්තයේ අවතැන් වූ ජනතාව රැස්ව සිටි ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 41 දෙනකු මියගිය බව මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායම් තහවුරු කර ඇති අතර ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්, දරුවන් සහ අත්‍යවශ්‍ය සේවා සැපයුම් පද්ධති දැඩි අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ. එමෙන්ම විදුලිබල පද්ධති, ජලාශ සහ වෙනත් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාර හේතුවෙන් ජනතාවට අවශ්‍ය මූලික සේවා සැපයීම ද අඩාල විය හැකි බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

2023 අප්‍රේල් මාසයේ ආරම්භ වූ සුඩානයේ යුද්ධය මේ වන විට දරුණු මානුෂීය අර්බුදයක් බවට පත්ව තිබේ. ගැටුම් හේතුවෙන් මිලියන ගණනක් ජනතාවට සිය නිවාස අතහැර පලා යාමට සිදුව ඇති අතර, ආහාර, සෞඛ්‍ය සේවා සහ ආරක්ෂිත නවාතැන් සඳහා ඇති අවශ්‍යතාව ද ඉහළ ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...