හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 :
යේමනයේ ක්‍රියාත්මක හූති සන්නද්ධ කණ්ඩායමෙන් එල්ල විය හැකි මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා සෞදි අරාබිය ප්‍රහාරක ජෙට් යානා සහාය ලබාදීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බව වාර්තා වේ.

මෙම ආරක්ෂක මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් Eurofighter Typhoon ප්‍රහාරක ජෙට් යානා යොදා ගැනීමට නියමිත බව වාර්තාවන අතර එම යානා මඟින් සතුරු ගුවන් තර්ජන හඳුනාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී ඒවාට ප්‍රතිචාර දැක්වීම සිදු කළ හැකිය.

මීට අමතරව, බ්‍රිතාන්‍ය හමුදා ප්‍රවාහන ගුවන් යානා සහ හමුදා උපදේශකවරුන්ගේ සහාය ද මෙහෙයුමට ලබාදීමට සැලසුම් කර ඇති බව කියැවේ.

බ්‍රිතාන්‍යයේ මෙම පියවර මඟින් මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නැවතත් ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ. මෙම තත්ත්වය කලාපීය ආරක්ෂාවට මෙන්ම බලශක්ති සැපයුමට සහ ජාත්‍යන්තර වෙළෙඳාමට ද බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...