දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW :

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය මත අද(21)දිනද දිවයිනේ කලාප හතරක් තුළ විදුලිබල ඉල්ලුම පාලනය කිරීම පිණිස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙහිදී සවස 4.30 සිට රාත්‍රී 9.00 දක්වා කාලසීමාව තුළ අදාළ සෑම කලාපයකටම පැයක කාලයක් විදු සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, නියමිත කාල සීමාව පැයක් වුවද, ඇතැම් ප්‍රදේශවලට පැය පහකට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර් අතුල මහතා පෙන්වා දෙයි.

මේ අතර, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් විදුලි ජනක යන්ත්‍රයක් අද දිනයේදී ජාතික විදුලි පද්ධතියට නැවත සම්බන්ධ කිරීමට නියමිත බව ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator) ප්‍රකාශ කරයි.

මෙමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක (MW) ධාරිතාවක් එක් කෙරෙනු ඇත. මේ අතර, දිවයින කලාප හතරකට බෙදා අද දිනයේදී ද විදුලි සැපයුම කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇත.


නොරොච්චෝලේ බලාගාරයේ ඇති වූ මෙම බිඳ වැටීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වූ මුළු ධාරිතාව මෙගාවොට් 810කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...