ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW :

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබ ඇත.

2015 වසරේ කහවත්ත ප්‍රදේශයේදී සිදු වූ මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාළව, අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හරහා ක්‍රියාත්මක වන ලෙසට නියෝග කර ඇති මෙම වරෙන්තුව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට ද දන්වා ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ හිටපු අමාත්‍යවරයා විදේශගතව සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක නියෝග මත මෙම පියවර ගෙන ඇති අතර, අධිකරණයට පැමිණි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියම කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...