පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන විමර්ශන ප්‍රබල තත්ත්වයක පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවතින නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මහේස්ත්‍රාත්වරයා – මේ නඩුවට අදාළව විදෙස් ගමන් තහනමක් පනවා ඇති හිටපු ජනාධිපතිවරයෙක් මෝසමක් මගින් ඉල්ලීමක් කළා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගතවීමට එම විදෙස් ගමන් තහනම ඉවත්කරන්න කියලා. ඔහු දැනට මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කර නැහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශන කොයි වගේ තත්වයකද තියෙන්නේ ?

දිලීප පීරිස් – ස්වාමිනි, එම මෝසමේ පිටපතක් නීතිඥවරයා මටත් යොමුකර තිබුණා. එහි සඳහන් වෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී සිදුකළ හෘද සැත්කමින් පසු විපරම් කිරීම් සහ ප්‍රතිකාර සඳහා නොවැම්බර් මැද දක්වා සති 02ක් විදෙස්ගතවීමට අවශ්‍යයි කියලා. ඔහු දැනට සැකකරුවෙකු ලෙස නම්කර නොමැත්තේ ස්වාමිනි අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ යුතු විමර්ශන පැවතීම සහ හිටපු ජනාධිපතිවරයා ගොනුකළ නඩුවක් අභියාචනාධිකරණය හමුවේ පැවතීම නිසයි. නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශන මේ වෙද්දි ප්‍රබල තත්වයක තියෙනවා. එහෙත් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතවීමට අවශ්‍ය නම් මානුෂික හේතුන් මත ඊට ඉඩ ලබාදිය හැකියි.

නඩුව නොවැම්බර් 25 වනදා යළි කැඳවීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...