ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 :
ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල සහ රාජ්‍ය සේවාවලට එල්ල වන පීඩනය ඇතුළු කරුණු හේතුවෙන් මේ දිනවල ප්‍රංශයේ පවතින සමාජ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන් සිදුකරන ප්‍රකාශ දැඩි ලෙස විවේචනය කිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පියවර ගෙන තිබේ.

කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් මැක්‍රොන් සඳහන් කළේ, ප්‍රංශයේ පසුගිය සති අන්තයේ ඇති වූ ප්‍රචණ්ඩ සිදුවීම්වලින් අනතුරුව විදේශීය පාර්ශ්ව විසින් තොරතුරු හසුරුවා ඇති බවත්, තත්ත්වය විකෘති කරමින් දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් නායකයන් උත්සාහ කරන බවත්, එමඟින් විදේශීය නායකයන් කිහිපදෙනකුගෙන් පිළිගත නොහැකි සහ අඥාන ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවත්‍ ය.

කෘත්‍රිම බුද්ධිය (AI) යොදා නිර්මාණය කළ, ප්‍රංශයේ සැබෑවට සිදු නොවූ සිදුවීම් නිරූපණය කරන රූප සහ වීඩියෝ ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව මැක්‍රොන් පෙන්වා දුන්නේය. එවැනි අන්තර්ගතයන් මත පදනම්ව රටක තත්ත්වය පිළිබඳ වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීමෙන් වළකින ලෙසද ඔහු අවධාරණය කළේය.

ට්‍රම්ප් සම්බන්ධයෙන්ද මෙම විවේචනය එල්ල කරන්නේදැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී මැක්‍රොන් සඳහන් කළේ, ට්‍රම්ප් ද ඒ අතර සිටින බවයි.

පසුගිය දා ප්‍රංශයේ නොසන්සුන්තාවට සංක්‍රමණිකයන් සහ ඉස්ලාම්වාදී කණ්ඩායම් වගකිව යුතු බවට ට්‍රම්ප් ඇතුළු ඇතැම් විදේශීය දේශපාලනඥයන් ප්‍රකාශ කර තිබූ අතර එහෙත් එවැනි ප්‍රකාශ තහවුරු කරන ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සංක්‍රමණය සහ අන්තවාදී ඉස්ලාම්වාදය පිළිබඳ අදහස් පළ කර ඇති අතර, ඒවා ද මැක්‍රොන්ගේ විවේචනයට ලක්වූ ප්‍රකාශ අතරට අයත් වේ.

කෙසේ නමුත් ජනාධිපති මැක්‍රොන් අවධාරණය කර ඇත්තේ ප්‍රංශය මුහුණ දෙන අභියෝග විසඳීමට රජය කටයුතු කරමින් සිටින බැවින්, විදේශීය දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ තත්ත්වය පිළිබඳ නොමඟ යවන ප්‍රකාශ ප්‍රචාරය කිරීම අනවශ්‍ය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...