ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහයක නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් අනුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
කුරුඳුවත්ත පොලීසියේ කණ්ඩායමක් ඊයේ (22) රාත්රියේ මෙම අධිකරණ නියෝගය ප්රකාශයට පත්කිරීම සඳහා සත්යග්රහ භූමියට පැමිණි අවස්ථාවේදී උණුසුම් තත්වයක් ද ඇතිවී තිබිණි.
කෙසේවෙතත් එම භූමියෙහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වළකින ලෙස නිකුත් කෙරුණු අධිකරණ නියෝගය කියවා දීමෙන් පසු පොලිස් කණ්ඩායම එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවත් වාර්තා විය.




