මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් එළඹෙන නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකරුවන් විසින් කරන ලද ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එලෙස නැවත ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම විමර්ශනය සිදු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව නිකුත්...

ලෝක වාර්තාවක් බිඳවැටුණු Rawalpindi හි ඓතිහාසික එක්දින තරගය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන්...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු...