පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩු 04කට අදාළව ඔහුව ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (23) නියම කර තිබේ.
ඒ අනුව සෑම නඩුවකටම රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට නියම කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් නියම කළේය.
ඔහුත් සමගම අත් අඩංගුවට ගත් ඔහුගේ හිටපු ලේකම්වරයාට ද ඉහත ආකාරයෙන්ම ඇප නියම කෙරිණි. මෙම නඩු 2027 ජනවාරි 26 වනදා යළි කැඳවීමට නියමිත ය.
මේ අතර පොස්පේට් අපනයන කිරීම සඳහා අවශ්ය බලපත්ර දීම සඳහා පුද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81 ක් අල්ලස් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයාගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළ මහේස්ත්රාත්වරයා ඔවුන්ව නොවැම්බර් 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේය.


