සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්රංශය පුරා පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන් හමුවේ දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් ක්රියාත්මක කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
ප්රංශ අභ්යන්තර කටයුතු අමාත්ය ලෝරන් නුනේස්ගේ ප්රකාශ අනුව, ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වෙන විරෝධතා පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් සහ ජාතික ජෙන්ඩර්මරි බලකායේ සාමාජිකයන් 70,000ක් පමණ යෙදවීමට සැලසුම් කර තිබේ.
රජයේ ප්රතිපත්ති, රාජ්ය සේවාවල පවතින ගැටලු සහ ජීවන තත්ත්වය පිළිබඳ කනස්සල්ල හේතුවෙන් සිසුන්, සේවකයන් සහ වෘත්තීය සමිති එක්ව ඔක්තෝබර් 17 වැනිදා පැවති විරෝධතා අතරතුර ඇති වූ ප්රචණ්ඩ ක්රියා, දේපළ හානි සහ කොල්ලකෑම් හේතුවෙන් මෙවර ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කර ඇත.
ප්රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් ඔක්තෝබර් 18 වැනිදා වන විට පුද්ගලයන් 2,397 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. එම සිදුවීම්වලදී පොලිස් නිලධාරීන් සහ ජෙන්ඩර්මරි සාමාජිකයන් 997 දෙනකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

