කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර ඇති කර ගත් සමාජ ගිවිසුම හා අවබෝධතාව අද කඩ කර ඇති බවත් පොළොන්නරුවේ ද අනුරාධපුරයේ ද සමගි ජන බලවේගයේ ගොවිජන සම්මුතිය ඉදිරිපත් කළ නමුත් බහුතරයක් ගොවි ජනතාව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ගොවිජන හිතවාදී වැඩපිළිවෙළ ප්රතික්ෂේප කළ බවත් ගොවි ජනතාව ඉන් පසුව වත්මන් රජයේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය පත් කර ගත්තත් ඔවුන් ගොවි ජනතාවට වූ පොරොන්දු අද කඩ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ දෙහිඅත්තකණ්ඩියේ පොළ අසල පැවති ගොවි හමුව අමතමිනි.
අප රටේ ගොවි ජනතාව වී වගාව ගැන තොරතුරු හා දත්ත ගැන හොඳ අවබෝධයකින් සිටිය යුතු අතර අප රටේ කන්න දෙකක් සිදු කරන අතර මාස් කන්නයේ අක්කර ලක්ෂ 20ක් වගා කරන බවත් යල කන්නයේ අක්කර 1250000ක් හෙක්ටරයාර වශයෙන් මාස් කන්නයේ ලක්ෂ 8ක් සහ යල කන්නේය ලක්ෂ 5ක් බවත් දළ වශයෙන් මාස් කන්නයේ වී අස්වැන්න මෙට්රික් ටොන් මිලියන 3ක් වන විට යල කන්නයේ වී අස්වැන්න මෙට්රික් ටොන් මිලියන 2ක් බවත් අප රටේ වැඩිම වී අස්වැන්න ලබා ගෙන ඇත්තේ කන්න 2ම වී මෙට්රික් ටොන් මිලියන 5 ඉක්මවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වගා කටයුතු කරන ගොවි ජනතාව මුදල් සොයා ගන්නේ කණකර උගස් කර ගිණි පොළියට ණය අරගෙන වන හෙයින් අමාරුවෙන් ඉඩකඩම් උගස් කර අතට ලැබෙන සොච්චම උපයෝගී කර ගෙන බිත්තර වී ගන්නා බවත් දැන් මේ කන්නයේ බිත්තර වී මිල වැඩි වී ඇති බවත් ඔහු කියාසිටියේය.
සොච්චමක් ලෙස පොහොර සහනාධාරය හෙක්ටරයාරයකට රු. 30000 බැගින් හෙක්ටරයාර් 2කට රු. 60000ක් උපරිම බවත් මේ සොච්චම් මුදලින් යූරියා ඇතුළු පොහොර ගන්න පුළුවන් ද කියා ගැටලුවක් ඇති බවත් පොහොර මිටි 2ක් පමණක් ගත හැකි බවට ගොවි ජනතාවම කියන බවත් දැන් ඇති තෙල් පොහොර හා වල් නාශක ගුණාත්මකභාවයෙන් පහළ බවත් මිල පවා කඩෙන් කඩයට වෙනස් නිසා නියාමනයක් ද නොමැති බවත් අද කෘෂි උපකරණවලට වැට් ගසා ඒවාද මිල වැඩි බවත් හෙතෙම පැවසීය.
මේ නිසා සමස්ත ගොවි ජනතාව සේම රටේ සාමාන්ය මිනිසා මැද පන්තිය දුගී දුප්පත් ජනතාව වෘත්තීය වේදීන් අන්ත අසරණ වී අද අලි මිනිස් ගැටුම නිසා අලියාගේ සේම මිනිසාගේ ද ජිවිත හාන වන බව ප්රේමදාස මහතා කියාසිටියේය.
අද ගොවියාගේ අස්වැන්නට නිසි සාධාරණ ස්ථාවර මිල නොමැති බවත් ඡන්දය වෙනුවෙන් ජනාධිපතිකම් ගන්න බලය ගන්න ගොයම් කකා රු. 150ක ස්ථාවර මිලක් වී සඳහා දෙනවා කිව්වත් අද වී කිලෝව රු. 90-100 අතර දැන් වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් යන බවට රජයම කියන බවත් දැන් නාඩුවලට දෙන්නේ රු. 120ක් නම් රු. 17ක් ගොවියාට පාඩු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂයේ සිටින විට ගොවියා දෙවියා, ගොවියා රජවරුන් ලෙස සැලකුවත් අද බලය ගලා ගත් පසු ගොවියා කසිප්පුකාරයා වී ඇති බවයි ඔහු පැවසුවේ.


