සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන මිලි. 1.8 ඉක්මවයි: ඉපැයූ ආදායම ඩො. බි. 2.24 ක්.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,813,484 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ පමණක් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 119,805ක් වේ.

මෙම වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි; එම සංඛ්‍යාව 482,944කි.

මීට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 169,405ක් ද, චීනයෙන් 120,980ක් ද, ජර්මනියෙන් 102,920ක් ද පැමිණ ඇත.

සැප්තැම්බර් මාසය වන විට, සංචාරක කර්මාන්තය හරහා උපයා ඇති සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,245ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම වසර සඳහා අපේක්ෂිත සංචාරක පැමිණීමේ ඉලක්කය මිලියන 2.7ක් ලෙස නියම කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...