බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී

ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo ප්‍රබල කුණාටුව හේතුවෙන් ඉරිදා උදෑසන වන විට නිවාස හා දේපළ 82,000කට අධික සංඛ්‍යාවකට විදුලි සැපයුම අත්හිටුවා තිබේ. පැයට සැතපුම් 84ක පමණ වේගයෙන් හමා ගිය සුළං හේතුවෙන් ස්කොට්ලන්තය ඇතුළු උතුරු ප්‍රදේශවල ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

බ්‍රිතාන්‍යයේ බලශක්ති ජාල සංගමය (Energy Networks Association) සඳහන් කර ඇත්තේ, ඔක්තෝබර් 25 වැනි ඉරිදා පෙරවරු 8 වන විට පාරිභෝගිකයන් 82,000කට අධික පිරිසකට විදුලිය නොමැතිව පැවති බවයි. මීට පෙර සිකුරාදා දිනයේ බලපෑම් එල්ල කළ ඔස්ටින් (Austen) කුණාටුවෙන් පසුව විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද සිදු කර තිබේ. එම කටයුතු යටතේ දේපළ 350,000කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය යළි ලබා දීමට බලධාරීන් සමත්ව ඇත.

Boelo කුණාටුව දින තුනක් ඇතුළත බ්‍රිතාන්‍යයට බලපෑ දෙවැනි නම් කළ කුණාටුව වන අතර, එය ස්කොට්ලන්තයට සහ උතුරු අයර්ලන්තයට තද සුළං සහ ධාරානිපාත වර්ෂාව රැගෙන විත් තිබේ. කුණාටුවේ බලපෑම හේතුවෙන් මාර්ග, දුම්රිය සහ ගුවන් ප්‍රවාහන සේවාවලට ද බාධා එල්ල වී ඇත.

බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලය (Met Office) ස්කොට්ලන්තයේ ප්‍රදේශ කිහිපයක් සඳහා දැඩි සුළං පිළිබඳ ඇම්බර් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එහි ආර්ගයිල් සහ බියුට් (Argyll and Bute) ප්‍රදේශයෙන් පැයට සැතපුම් 84ක උපරිම සුළං වේගයක් වාර්තා වී ඇති බව සඳහන් වේ. ප්‍රබල සුළං හේතුවෙන් ගස් කඩා වැටී ඇති අතර, යටිතල පහසුකම්වලට ද හානි සිදුව තිබේ.

කඩා වැටුණු ගස්, විදුලි රැහැන් සහ විවිධ සුන්බුන් හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් වසා දැමීමට සිදුව ඇති අතර, දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත. උතුරු අයර්ලන්තයේ ගුවන් ප්‍රවාහනයට ද සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති අතර, බෙල්ෆාස්ට් ගුවන් තොටුපළ ආශ්‍රිත ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර තිබේ. අයර්ලන්ත මුහුද හරහා ක්‍රියාත්මක වන පාරු සේවා ද අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ අතර, ස්කොට්ලන්තය සහ උතුරු එංගලන්තය සඳහා කාලගුණ විද්‍යා කාර්යාලය කහ මට්ටමේ වර්ෂාපතන අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...