කොළඹ LNW:සිව්වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා මහතාගේ මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමෙහි සටහනක් තබමින් සුබපැතුම් එක්කර තිබේ.
බ්රසීලයේ ජනතාව දූෂණයට, සමාජ බෙදීම්වලට සහ දේශපාලන මුසාවාදවලට එරෙහිව ජයග්රහණය කර ඇති බව ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.
එම ඓතිහාසික ජයග්රහණයෙන් පෙන්නුම් කරන්නේ අසාර්ථක දේශපාලන පරම්පරාවන්ට සහ යුක්තියට වඩා බලය උසස් යැයි සිතන අතීතයේ බලවේගවලට ජනතාව රැවටිය නොහැකි බව යැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.
නැවත වරක් ප්රගතියේ ගමනට නායකත්වය ලබාදීම වෙනුවෙන් ලූලා ද සිල්වා මහතාට උණුසුම් සුබපැතුම් එක්කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


