චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට ඇමරිකාව විසින් ගත් තීරණයේදී චීනයට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසනවා.

පසුගිය 23 වැනිදා ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විදේශ ආයෝජන සීමා කිරීමට යෝජිත නීතිවල නව අනුවාදය නිකුත් කළා.

මේ පිළිබඳව සඳහන් කරමින් චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කළේ, ඇමරිකාව මෙම නීතිය මගින් චීනයේ ආයෝජන සඳහා සීමාවන් තීව්‍ර කර, චීනයට වෙනස්කම් කර ඇති බවයි.

ජාතික ආරක්ෂාවට මුවාවෙමින් සිය රටට සීමා පැනවීමට ගත් උත්සාහයක් ලෙස චීනය මෙය සලකනවා. මෙය චීන-ඇමරිකා රාජ්‍ය නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය උල්ලංඝනය කිරීමක් බව ද චීනය පවසනවා. එය චීන සහ ඇමරිකානු ව්‍යවසායන් අතර සාමාන්‍ය ආර්ථික හා වෙළඳ සහයෝගීතාවට බාධා කිරීමක් මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙළ අඩපණ කිරීමක් බව චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කළා.

වෙළඳපොළ ආර්ථිකයේ නීතිවලට ගරු කරන ලෙසත්, ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අධික ලෙස සාමාන්‍යකරණය කිරීම නවත්වන ලෙසත්, ආර්ථික හා වෙළඳ ගැටලු දේශපාලනීකරණය කිරීම සහ ආයුධ සන්නද්ධ කිරීම නවත්වන ලෙසත්, දෙරට ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයට හිතකර පරිසරයක් නිර්මාණය කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද චීන වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයිනේ සියළුම පාසල් හෙට (27) වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...