රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW :

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී, දළ වශයෙන් රුපියල් මිලියන 51ක් වටිනා ‘කුෂ්’ (Kush) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වියට්නාම් ගුවන් සේවයට (Vietnam Airlines) අයත් ගුවන් යානයකින් අද (26) අලුයම දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඔහුගේ ගමන් මලුවල තිබී සොයාගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 100ක් වේ.

සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...