ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් දිස්ත්රික්ක 08 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අද (26) පස්වරු 2.45 සිට හෙට (27) පස්වරු 2.45 දක්වා පැය 24 ක කාලයක් සඳහා මෙම නිවේදනය වලංගු වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ.
එම නිවේදනයට අනුව රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක් සඳහා අදියර 03 යටතේ වහාම ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.
අදියර 3 – වහාම ඉවත් වීමේ රතු නිවේදන (Red Warning)
රත්නපුර දිස්ත්රික්කය: රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්රදේශ.
අදියර 2 – අවදානම පිළිබඳ විමසිලිමත් වීමේ ඇම්බර් නිවේදන (Amber Alert)
කළුතර දිස්ත්රික්කය: වලල්ලාවිට, දොඩංගොඩ, බුලත්සිංහල සහ මදුරාවල
මහනුවර දිස්ත්රික්කය: උඩුනුවර සහ පස්බාගේ කෝරළේ
කෑගල්ල දිස්ත්රික්කය: දැරණියගල, අරණායක, දෙහිඕවිට සහ ගලිගමුව
කුරුණෑගල දිස්ත්රික්කය: කුරුණෑගල
නුවරඑළිය දිස්ත්රික්කය: අඹගමුව කෝරළේ, කොත්මලේ නැගෙනහිර සහ නෝර්වුඩ්
රත්නපුර දිස්ත්රික්කය: නිවිතිගල, කිරිඇල්ල, බලන්ගොඩ, ඇහැලියගොඩ සහ කලවාන
අදියර 1 – විමසිලිමත් වීමේ කහ නිවේදන (Yellow Watch)
ගාල්ල දිස්ත්රික්කය: කරන්දෙණිය සහ තවලම
ගම්පහ දිස්ත්රික්කය: අත්තනගල්ල
කළුතර දිස්ත්රික්කය: මිල්ලනිය, ඉංගිරිය, බේරුවල, හොරණ සහ පාලින්දනුවර
මහනුවර දිස්ත්රික්කය: උඩපළාත, උඩදුම්බර සහ ගඟ ඉහළ කෝරළේ
කෑගල්ල දිස්ත්රික්කය: රුවන්වැල්ල, වරකාපොළ, කෑගල්ල, මාවනැල්ල සහ යටියන්තොට
කුරුණෑගල දිස්ත්රික්කය: මාවතගම, නාරම්මල සහ අලව්ව
නුවරඑළිය දිස්ත්රික්කය: කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්රික්කය: ඉඹුල්පේ, වැලිගෙපොළ, කහවත්ත සහ කොලොන්න
මෙම දැනුවත් කිරීමට අනුව විශේෂයෙන්ම රතු නිවේදන නිකුත් කර ඇති ප්රදේශවල කඳු බෑවුම් සහ අවදානම් සහිත ස්ථානවල ජීවත්වන ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් විය යුතු බව ආපදා කළමනාකරණ අංශ දැනුම් දී ඇත.

