සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්රජාතන්ත්රවාදය, දේශපාලන නිදහස සහ පාලන වෙනස වෙනුවෙන් හඬ නඟන ප්රබල චරිතයක් වූ ද, හිටපු ජනාධිපති නිකොලස් මදුරෝගේ පාලනය දැඩි ලෙස විවේචනය කළ විපක්ෂ නායිකාවක වූ නොබෙල් ත්යාගලාභී මරියා කොරිනා මචාඩෝ යළි ස්වයං පිටුවහල් ජිවිතයකින් අනතුරුව නැවත සිය රටට පැමිණ තිබේ.
2024 වස්රේ පැවැති ජනධිපතිවරනයේ මදුරෝ බලායට පත්විම සම්බන්ධයෙන් දැඩි විවෙචකයකු වූ මරියා කොරිනා මචාඩෝ 2025 වසරේ පැවැති විරොධතවක් අතරතුර තාවකාලිකව රඳවා තැබුණු අතර අනතුරුව ඇය අප්රසිද්ධියේ පැනමාවේ ජීවත් විය.
මරියා කොරිනා මචාඩෝ පිටුවහල් ජීවිතයෙන් පසු ඇය නැවත රටට පැමිණීම, ඇයගේ දේශපාලන ගමන්මඟේ වැදගත් සිදුවීමක් ලෙස සැලකෙන අතර වෙනිසියුලාව මෑත වසරවලදී දේශපාලන ගැටුම්, ආර්ථික දුෂ්කරතා සහ පාලන ක්රමය සම්බන්ධ විවාද රැසකට මුහුණ දී තිබේ. එවැනි පසුබිමක විපක්ෂයේ ප්රධාන චරිතයක් වන මචාඩෝගේ නැවත පැමිණීම, රටේ දේශපාලන අනාගතය පිළිබඳ සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි සිදුවීමකි.
වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ අත්අඩංගුවේ පසුවෙයි. 2026 ජනවාරි 3 වැනිදා ඇමරිකානු හමුදා මෙහෙයුමකින් ඔහු සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගෙන නිව්යෝර්ක් වෙත රැගෙන ගොස් තිබේ.
මත්ද්රව්ය ජාවාරම, මත්ද්රව්ය ත්රස්තවාදය සම්බන්ධ කුමන්ත්රණ සහ අවි ආයුධ සම්බන්ධ වැරදි ඇතුළු චෝදනාවලට අමතරව, දේශපාලන විරුද්ධවාදීන්ට සහ ඇමරිකානු පුරවැසියන්ට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ද ඔහුට නව චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත්, මදුරෝ මෙම චෝදනා ප්රතික්ෂේප කර ඇති අතර, ඔහු සහ ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ තමන් නිවැරදිකරුවන් බව ප්රකාශ කර තිබේ.
මේ අතර, මදුරෝ බලයෙන් ඉවත් කිරීමෙන් පසු එවකට උප ජනාධිපතිනිය වූ ඩෙල්සි රොඩ්රිගස් වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපතිනිය ලෙස කටයුතු කරයි.

