විශ්වවිද්යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර කිහිපයකට සීමා නොවී, තවත් දශක ගණනාවක් ඉදිරියට යන්නකි.විශේෂයෙන්ම, විශ්වවිද්යාලයක පළමු දශකය තුළ එහි journey එකට දායක වෙන්න අවස්ථාව ලැබීම සුවිශේෂී privilege එකක්. මොකද, ඒ කාලය තුළ එහි අනාගත ගමන් මඟ හැඩගස්වන්නත් අපට දායක වෙන්න පුළුවන්.
NSBM Green University හි 6th, 7th සහ 8th anniversaries සමඟ එහි team එකේ සාමාජිකයකු ලෙස කටයුතු කරන්න ලැබීම මගේ ජීවිතයේ සුන්දර chapter එකක්.
අද, NSBM හි 10th Anniversary milestone එකේදී, හිටපු team member කෙනෙක්, industry partner කෙනෙක් සහ forever well-wisher කෙනෙක් විදිහට මගේ අත්දැකීම් සහ මතකයන් මෙසේ සටහන් කරමි.
NSBM Green University ගැන මා වඩාත් අගය කරන දේවල් 10ක්!
- Sustainable Infrastructure
අදටත්, international university එකකට සමාන කළ හැකි මට්ටමේ infrastructure එකක් තියෙන Sri Lankan non-state university එකක් නම් ඒ NSBM විතරමයි.
ඒකට sustainable elements සහ green practices එකතු වුණාම, NSBM හි වටිනාකම තවත් ඉහළ යනවා.
- Operational Excellence
Delayed semesters, postponed convocations හෝ disrupted operations NSBM තුළ දකින්න ලැබෙන්නේ නැහැ
COVID කාලයේදී පවා campus operations අඛණ්ඩව පවත්වාගෙන යාම එයට හොඳම උදාහරණයක්.
ශිෂ්යයෙක් university එකට ඇතුළත් වන විට, ඔහුගේ හෝ ඇයගේ graduation එක දක්වා journey එකට පැහැදිලි plan එකක් තිබීමත්, ඒ අනුව කටයුතු කිරීමත් සැබෑ Operational Excellence එකක්.
- Event Management
NSBM හි events පැවැත්වෙන්නේ වෙනස්ම level එකකින්!
එහි internal creative team එකේ quality එක advertising agency එකකට දෙවැනි නැහැ කියන එක මගේ විශ්වාසයයි.
“සියපත්සිය උදාන” ගීත හෝ NSBM Global Youth Camp එකේ theme song එක නැරඹුවොත් ඔබට තේරෙයි.
- Celebrating Diversity
Religious සහ cultural diversity එක celebrate කරන ආකාරයෙන් NSBM විශේෂ ස්ථානයක් හිමි කරගන්නවා.
Anniversary celebrations වලදී ආගම් හතරටම අදාළ religious events සංවිධානය කිරීමට management එක funding ලබා දෙනවා.
ඊටත් වඩා අගය කළ යුතු දේ තමයි, VCතුමා ඇතුළු top management එක මේ වැඩසටහන්වලට සක්රීයව සහභාගී වීම.
Staff සහ students සියලු දෙනාගේ සහභාගීත්වය සමඟින්, unity in diversity කියන සංකල්පය ක්රියාවෙන්ම පෙන්වීම සැබවින්ම අගය කළ යුතු දෙයක්.
- Bold Vision
NSBM කියන්නේම මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් වූ bold vision එකක ප්රතිඵලයක්.
දින 1,000ක් වැනි කෙටි කාලයකින් campus එක ඉදිකිරීම ඒ vision එක execution කළා.
Phase 2 සිට Phase 3 දක්වාත්, අද 10th Anniversary milestone එක දක්වාත් NSBM පැමිණි දුර බලන්න!
කලාපීය මට්ටමින් තරග කළ හැකි state-of-the-art Medical & Research Hospital එකක් සහ විශාලතම Science Faculty එකක් දක්වා NSBM පැමිණ තිබෙනවා.
- Industry Collaboration
NSBM හි degree programmes සැලසුම් කර ඇති ආකාරය නිසා, තුන්වැනි වසරේ සිට weekend lectures සහිත වැඩසටහන් හරහා students ලාට තම අධ්යාපනය සමඟ industy experience ලබාගන්න අවස්ථාව ලැබෙනවා.
ඒ අනුව, graduate වන විට ලේසියෙන්ම වසර දෙකක work experience එකක් ලබාගැනීමට හැකි වීම විශාල advantage එකක්.
මගේ university days වලදීත් මෙවැනි opportunity එකක් තිබුණා නම් කොතරම් වටිනවාද කියලා මට හිතිලා තියෙනවා
Internship හෝ graduation periods ළං වන විට, students ලාට job opportunities ලබාදෙන්න companies 50කට වැඩි සංඛ්යාවක් campus එකට ගෙන්වීම NSBM හි සාමාන්ය දෙයක්.
NSBM එකේ industry person කෙනෙක් campus එකට ආපු නැති සතියක් නැති තරම්. MoU එකකට, guest lecture එකකට හෝ corporate session එකකට industry representative කොහොමත් හැම සතියෙම මොකක් හරි Faculty එකක ඉන්නවා.
මෙය සැබෑ industry–university collaboration එකක්!
- Students with Team Spirit
NSBM හි මා සේවය කළ කාලයේ අත්දුටු හොඳම දේ තමයි මේක.
Teamwork සහ team spirit අතින් NSBM students ලා ඉතා ඉහළ මට්ටමක සිටින බව මගේ අත්දැකීමයි.
මේක මගේ පෞද්ගලික අදහසක් විතරක් නොවෙයි. SLASSCOM Employability Survey 2024 අනුව, Teamwork වෙනුවෙන් rank කරපු chart එකේ non-state universities අතරින් #1 ඉන්නේ NSBM ළමයි. All universities අතරින් #2 ඉන්නෙත් NSBM ළමයි.
“NSBM students rock as team players” කියලා මං හම්බුණු industry කට්ටියම කියලා තියෙනවා. ඒ වෙලාවට දැනෙන සතුට වචනවලින් කියන්න බැහැ.
- Dynamic & All-Rounder Academics
රාජ්ය සහ රාජ්ය නොවන විශ්වවිද්යාල දෙකෙහිම staff සමඟ වැඩ කර ඇති මට, NSBM academics ලාගේ energy, commitment සහ dynamism විශේෂයෙන් කැපී පෙනෙනවා.
Academic work සහ research වලට අමතරව ඔවුන් support කරන extracurricular activities ප්රමාණය අති විශාලයි.
Co-curricular activities රැසකම MICs විදිහට කටයුතු කරන්නෙත්
academics ලාමයි.
ඒ නිසා ඔවුන්ව “All-Rounder Academics” කියලා හැඳින්වීම ඉතාමත් සුදුසුයි.
- Lecturer–Student Relationship
NSBM හි සේවය කළ කාලයේදී මට බොහෝ වාරයක් සිතුණු දෙයක් තිබෙනවා.
“අනෙක් universities වලත් lecturers ලාට students ලා සමඟ මේ තරම් friendly වෙන්න පුළුවන් නම් කොතරම් හොඳද?”
Graduation දවසේ students ලා lecturers ලා සමඟ ගන්නා ඡායාරූප සහ group selfies ඒ relationship එකට හොඳම testimony එකක්.
Lecturers ලාගේ guidance සහ support නිසා තම ජීවිත වෙනස් කරගත්, අසීරු අත්දැකීම්වලින් පසුව නැවත නැඟී සිටි students ලාගේ personal stories බොහොමයක් දැනගන්න මට අවස්ථාව ලැබී තිබෙනවා.
………
මෙවැනි විශිෂ්ට ආයතනයක් පිළිබඳ bold vision එකක් ඇතිව, එය යථාර්ථයක් බවට පත් කළ මහාචාර්ය EA Weerasinghe මහතාට විශේෂ ගෞරවය හිමි විය යුතුයි.
රටට රුපියල් බිලියන ගණනක විදේශ විනිමය ඉතිරි කරමින්, දහස් ගණනකට තම degree dream එක සැබෑ කරගැනීමට අවස්ථාව සලසා දුන් මේ නිර්මාණය පිටුපස තිබෙන vision සහ execution සැබවින්ම අගය කළ යුතුයි.
ඒ වගේම, මේ journey එකට මගේ පුංචි හෝ contribution එකක් ලබාදීමට අවස්ථාව ලබා දුන් මහාචාර්ය Chaminda Rathnayake මහතාට සහ නන් අයුරින් මඟ පෙන්වූ මහාචාර්ය Baratha Dodankotuwa මහත්මයාට, මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.
NSBM Green University වෙත තවත් දශක ගණනාවක් පුරා සාර්ථක, අභිමානවත් සහ evergreen journey එකක් යාමට හැකි වේවායි ප්රාර්ථනා කරනවා!
මොහොමඩ් රුෂ්ඩි


