කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබූ අනුෂා ලක්මාලි හෙවත් ‘අචිනි’ නමැති කාන්තාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

හුංගම ප්‍රදේශයේදී එම ඝාතන සිද්ධිය සිදුව තිබුණි.

මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාතනයට ලක් වූ “කජ්ජා” නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති අතර ඝාතනයට ලක්වන අවස්ථාව වන විට “කජ්ජා” වෙත අවසාන දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය බව අනාවරණය වී තිබේ.

මේ අතර “බැකෝ සමන්” නැමැත්තාගේ උපදෙස් මත, ආහාර ගැනීම සඳහා “කජ්ජා” සහ දරු දෙදෙනා අදාළ අවන්හල වෙත උපායශීලීව කැඳවාගෙන යාම සිදු කර ඇත්තේ ද ඇය විසින් බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.

එලෙස ආහාර ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි මෙම සැකකාරිය මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරට වෙත ගොස් තිබිණි.

ඒ අනුව, අද දින අලුයම 05.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇයගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...