කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් ඇතුළත් වන බවත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී ඇත.
එයාර් බස් ගණුදෙනුවට අදාළව නාමල රාජපක්ෂ මන්ත්රීවරයා ඇප මත නිදහස්ව වුවද ක්රිෂ් ගණුදෙනුවට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.


