බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු වේලාවක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සහ ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෑතකදී චීන විදේශ අමාත්‍යාංශයට සහ බ්‍රිතාන්‍යයේ පිහිටි චීන තානාපති කාර්යාලයට වාර්තා රැසක් ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළා.

චීන පුරවැසියන්ට එරෙහි බ්‍රිතාන්‍ය පොලිසියේ අත්තනෝමතික හා අනිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය බ්‍රිතාන්‍ය පාර්ශ්වයට දැඩි විරෝධය සහ අප්‍රසාදය පළ කර තිබෙනවා.

චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව සහ ඔවුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් චීනය දැඩි ලෙස ආරක්ෂා කරනු ඇති බව ද Guo Jiakun මහතා එහිදී පැවසූ බව වාර්තා වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...