*
Friday, September 27, 2024
spot_img

Latest Posts

පත්තර කැණිමකදී හමු වූ රත්නය

දිනය 2008 ය.දෙහිඅත්තකණ්ඩිය පාදක කරගෙන ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් තරග ද ඊට සමගාමීව ප්‍රදේශයේ පාසල්වලට විවෘත වූ කිලෝ මීටර් 10 මාර්ග ධාවන තරගයද පැවත්වෙමින් ඇත.එය ද නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන්ය.මෙහි පළමුවැන්නා වූයේ ටී.ඩබ්ලිව් රත්නපාලය.ප්‍රදේශය දෙහිඅත්තකණ්ඩිය වීම නිසා සහ රත්නපාල දකුණු හෙන්නානිගල පාසල නියෝජනය කළ නිසාත්, එහි සිටි අයෙකුගෙන් මා නිකමට ඇසුවේ ටී.ඩබ්ලිව් යනු තලා වරිගේ ද යන්නයි.90 දශකයේ මුල් කාලයේ අප නාට්‍ය පාඨමාලාවක සිටි ධම්මිකා වික්‍රමසිංහ කළ නාට්‍යයක මං තලාවරිගේ ඉසන්හාමි නම් වූ ආදි වාසී නායකයෙක්ගේ චරිතයකට පන පොවා තිබීම නිසා මට එය හුරු වාසගමකි.

ඔහු පමණක් නොව දෙවැන්නා වූ ටී.ඩබ්ලිව් සුපුන් ද තලා වරිගේ වූ අතර ඔවුන්ව පුහුණුකරේ මාව දැන සිටි වලල රත්නායකයේ ඉගෙනුම ලැබූ චාන්දනී නම් ගුරුවරියක විසිනි.තොරතුරු විමසීම හමාරවන ජය සංකේතත් සමඟ රත්නපාල අතුරුදහන්ව තිබිණ.කිසිඳු වෙහෙසක සළකුණක් හෝ නොදුටු ඒ මුහුණ දවසක ලංකාවේ දුර දිවීම් කේෂ්ත්‍රයේ වෙනසක් කරනු ඇතැයි යන්න විශ්වාසය මට තදින් දැණුන නිසා චාන්දනීගෙන් මඟ ලකුණු අසා එහි යන්නට මම තීරණය කළෙමි.ගමන් සඟයා වූයේ චාන්දනී සිසුවියකව සිටියදී ඇයගේ පුහුණුකරු වූ සුසන්ත ප්‍රනාන්දුය.

අප එහි යනවිට රත්නපාල නොවිණ.නිවසට යන පාර යතුරුපැදියට ඔරොත්තු නොදෙන තරමේ වැල්ලකි.යතුරු පැදිය හැසිරවීම අපහසුවන තරමට එහි ලිස්සීම් සහ හැරීම් විය.නමුත් අප පැමිණි බවට ගිය පණිවිඩයෙන් ඉනික්බිති රත්නපාල එහි ආවේ පාපැදියෙන් ඔහුගේ සොහොයුරියගේ දරුවාද එක අතකට රැඟෙනය.
සුසන්ත සමඟ ආපසු ගමනේ නවාතැන්පොළ වූයේ ඔහුගේ නිවහනය.ඒ දක්වා එන ගමන අතිශයින් දුශ්කර එකක් විය.සුසන්තගේ යතුරු පැදියේ ඔහුගේ ගමන් මල්ලට වෙන් වූ ඉඩ මා අයත් කරගෙන තිබිණ.ඒ නිසා මඟේ ගමන් මල්ල මෙන්ම ඔහුගේ ගමන් මල්ලත් මගේ දෙ”උරේ එල්ලෙමින් තිබිණ.මහියංගණයෙන් හැරී නුවර දක්වා එන කඳු මාර්ගයේ ඒ බර දෙ”අරට දරන්නට බැරි තරම් දැනෙන්නට විය.එවිට මඟ අයිනක නවතින යතුරු පැදියෙන් නික්මී තැනෙක හිඳගෙන අප කතා කළේ රත්නපාල ගැනමය.
එවකට මගේ බිරිඳ හරහා හඳුනාගත් විශ්‍රාම කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රභාත් ජයවර්ධන රත්නපාලගේ සහ සුපුන්ගේ වගකීම යම් තරමකට දරමින් ඔවුන්ගේ පාසල් වියේ ක්‍රීඩාවට උපකාර කරන්නට විය.සුපුන් එයින් බැහරි වෙමින් තිබුණත් එක දිගට ක්‍රීඩාව කරගෙන යන්නට එකඟතාවය පළ කළ රත්නපාලගේ ක්‍රීඩාව වෙනුවෙන් පිහිටට ආවේ ගුවන් හමුදාවය.ඒ 2010 දී පමණය.එවකට එහි මලල ක්‍රීඩා අංශයේ සභාපති වූ මා හිත මිතුරු දීපාල් මුණසිංහට මා පැවසූ දෙයක් විය.

“මේ කොල්ලා පිට්ටනියේ නෙමෙයි හොඳට දුවන්නෙ.පාරෙ.උන්ගෙ ජානවල තියෙන දෙයින් වැඩක් ගම්මු.බාධක දිවීම හරි මැරතන් හරි තමයි හරියන්නෙ” යන්න එහි සමස්ත අරුතේ සාරාංශය විය.
දෙහිඅත්තකණ්ඩියේ මැරතන් අත්දැකීමේ නෙස්ටමෝල්ට් අනුග්‍රහයේ හරි රස දැණෙන්නට වසර 12 ක් ගත වි ඇත.මේ දක්වා සටහනේ රස බැලූ රත්නපාල මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් ජයග්‍රාහකයාය.
තරගය නිමා වී රත්නපාලගෙන් ලැබුණ ඇමතුමේ වසර දොළහක පුරුද්දට ඔහු ඇසුවේ “ස්ර් කොහෙද ඉන්නෙ?” යනුවෙන්ය.ඒ ඔහු තරග කරන බොහෝ තැන්වල මා සිටින බැවින්ය.එහෙත් ඒ මොහොතේ මා එහි නොසිටියේය.
ජාතික ක්‍රීඩා උළෙලෙ මැරතන් එකට ආවා ස්ර්,ඉන්නෙ ගම්පහ.මං එක ස්ර්
ඇත්තටම ඔහුට කියන්නට වචන විශාල ප්‍රමාණයකි.එහෙත් මට නැත.හඬ නිහඩ වී තිබිණ.
අද රෑට වරෙං පුතේ,මං ගානේ ඩිනර් එක
මං අවසානයේ කීවේය.එයට හා කීව ද එහි ස්ථීර බවක් නොතිබිණ.පසුව දහවල් ලැබුණ ඇමතුමෙන් කීවේ “ස්ර් මගෙ අවුරුදු දෙක හමාරෙ දුවට ස්ර්ව පෙන්නන්න ඕනි” යනුවෙන්ය.
”19 අපි ඔක්කොම එන්නම් ස්ර්”

පළමු පියගැට පෙළේ මතක තවමත් අමතක නැති ආදරණීය තරුණයා දුරකතනයේ එහා කෙළවර සිට මුමුණන්නේය.ආ මඟේ පළමු පියවර සටහන් ඇති තැන් මකා දමා සිය ප්‍රකාපවත් බව රැක ගන්නට වෙහෙසෙන මිනිසුන් බහුල තැනෙක, ආදිවාසී උරුමයේ ඇති මේ ආදරණිය මනුස්සකමට හේතුව සමහර විට සිංහබාහු ලේ කළවම් නොවුණු දීර්ඝ ඉතිහාසයක සම්පූර්ණයෙන් මනුස්ස වූ ජාන කොටස් තිබීම ද විය හැකිය.
කෙසේ හෝ මට හිතෙනනේ රත්නේ දුවන්න පටන්ගත් බවය.ඉදරියට දකුණු ආසියාව දිනන්නද රත්නේ දුවනු ඇත.ආදිවාසී වූ ලෝකයේ වෙනම පරිච්ඡේදයක් ඇත.ඔහු එයට එක් කළ හැකි සාඩම්බර වාක්‍යයක්ය.ඒ වාක්‍යය ශ්‍රී ලංකාවේ මැරතන් ගැන ලියන අලුත් පරිච්ඡේදයක ආරම්භය වනු ඇත.
පත්තරකාරයෙක්ට වාර්තා කරනවාට වඩා දේ කළ හැකි බව මට යළිත් දැනේ.එදා දෙහිඅත්තකණ්ඩියේදී කාන්තා මැරතන් තරගය ජයගත්තේ පොලීසියේ මල්ලිකා චන්ද්‍රකාන්තිය.ඇය ශ්‍රී ලංකා වාර්තාව දිනා ගෙන සිටි ක්‍රීඩිකාව වුවත් කලෙක සිට සැඟවි සිටියාය.කවුරුන් හෝ නොදන්නා කෙනෙක් ඇය ක්‍රීඩා අංශයෙන් ඈත් කර තිබුණු අතර පසුව ඇයත්,ඒ වකවානුවේම නෙස්ටමෝල්ට් හරහා රට හරහා පවත්වාගෙන ගිය මිනි මැරතන් තරගවලදී හමු වූ එම ඉරණමම අත් කරගෙන සිටි ධම්මිකා මල්කාන්ති පොලිස් ක්‍රීඩිකාවත් යළි ක්‍රීඩාව සඳහා කැඳවාගෙන එන්නටද මට හැකියාව ලැබිණ.ඒ ක්‍රීඩා අංශයේ සිටි පොලිස් පරීක්ෂක මිත්‍ර මාන්නප්පෙරුම මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිව සිටි මිත්‍ර උපාලි කුමාරසිරියන්ට කරුණු පෙන්වා දීමෙන් ඉනික්බිතිවය.එම මල්කාන්තිලා දෙදෙනාම පසුව රට නියෝජනය කරමින් යළිත් දක්ෂතා අතරට පැමිණියේය.

එසේම ශ්‍රී ලංකාවේ දුර දිවීමේ වාරුව වී කලක් තිස්සේ රැඳෙන නෙස්ටමෝල්ට් නොවන්නට අප රත්නපාලලා නොදකින්නට තිබිණ.එසේ වූවානම් ඔහු සමහර විට ගේ ඉස්මත්තේ ඇති හෙන්නානිගල වැවේ ඔරුවක මාළු අල්ලනවා වෙන්නට තිබිණ.නෙස්ටමෝල්ට් සඳහා ද අලුත් කියවීමක් කරන්නට රත්නපාල අපූරු සිතිමකට කරන පෙළඹවීම මෝල්ට් රසය තදින්ම උරා ගන්න එකක් වනු ඇත.
රත්නපාල ගේ ආදිවාසි උරුමයට ද යම් හරස් කැපීම් ඇති වූ අවස්ථා නොතිබුණා නොවේ.වරෙක අම්පාරේ පැවති මිනි නෙස්ටමෝල්ට් තරගාවලියක විනිශ්චවකදි ඔහුට යම් වරදක් විය.එය එසේ වූ බව මට මෙන්ම නෙස්ට්ලේ ආයතනයේ දමිත කුලතුංගගේ ද ඇස්වලට දැණින.රත්නපාල වෙනුවෙන් ඒ ගැන විමසා සිටිනු හැරෙන්නට දමිතට හෝ මට විනිශ්චයට හරස්වීමට හෝ ප්‍රතික්ෂේප කරන්නට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොවිණ.එහෙත් රත්නපාල නොනැවතිණි.හැබැයි එවැනි දේ නිසා නවතින අය ද ඇති බැවින් දක්ෂයෙක් රටට අහිමි කර ගන්නට එවැන්නකුත් ප්‍රමාණවත්ය.

එසේම හැල හැප්පීම් ඇතිවන හැම තැනකම ඔහුගේ දුරකතනයෙන් මට පණිවිඩ ඒම නොනැවතී සිඳු විය.මගේ කරදරය සිඳු වුණේ ගෘප් කපිතාන් දීපාල් මුණසිංහට ය.ඔහුත් රත්නපාලලාගේ ගේ ඉස්මත්තේ ඇති වැව වගේමය.නොසැලී දරාගෙන ඉවසාගෙන පෝෂණය පිණිස වෙහෙසෙන්නේය.රත්නපාල ඔප මට්ටම් කරන කාර්යය සඳහා සජිත් ජයලාල්,එස්.පී.කුලතුංග වැන්නන් කැප වුණේය.දැන් කාලයක සිට එයට උර දී ඇප වි කැප වී වෙහෙසෙන්නේ සජිත් ජයලාල් ය.ඒ කැපවීම ද නොකියාම බැරිය.ජයග්‍රහණයෙන් පසුව සජිත් හා වූ දුරකතන සංවාදය අවසානයේ “ඔයාට හොඳ කවියක් ලියන්න පුළුවන්” යැයි සජිත් කීවේය. ඇත්තටම එය දැනටමත් නව ක්‍රීඩා කවි පොතට එක් වී ඇත.එහි රත්නේ ගැන පමණක් නොව සජිත් ගැන ද ඇත.මේ ඉන් එකකි.

සජිත්ගෙ දුර දුවන යන්තර නව පන්නේ
දැණුමැති තෙලෙන් හොඳ හැටි රත් කර ගන්නේ
දෙන්නම එකට ඉතිහාසෙට එක් වන්නේ
දුවපන් තලා වරිගේ දිනවා රත්‍‍නේ

ඇත්තටම මැණික් සෙවිම වෙහෙසකි.එහෙත් කැපීම සහ ඔප දැමීම යන්න හරියටම සිඳු නොවන්නේනම් මැණික හමු වූවාටත් වඩා මිල අඩු එකක් වනු ඇත.ඒ නිසා කැපීමට සහ ඔප දැමීමට විශාලම වගකීම පැවරෙන බවත්,දුෂ්කරම කාර්යයේ ගෞරවණීය හිමිකාරීත්වය එයට හිමි විය යුතු බවත් ඇත්තය.
එසේම තමන්ගේ උරුමය හොරා ගත් උන් විසින් සිරකර තැබූ කැළයෙන් එළියට පැමිණ
තමන්ගේ හැකියාවනැවත භූමියට දායාද කරන රත්නපාලගේ ජීවිතය, ගෙන්දගම් පොළවේ ඇති සදාචාර විරෝධී වන වැදීම්වලින් මුලා නොවන්නට, ඉව බලමින් රැකගත් නිලධාරි කණ්ඩායමක්ද රත්නපාල පසුපස විය.ඊට දීපාල් මූලිකව කොතැන හිටියත් දායක වූ බව ද මම දනිමි.රත්නපාල දුවලා ඉවර නැතුවාක් මෙන්ම අප ද දුවලා ඉවර නැති බව මට හැඟෙන්නේ, හඟරපිටිය හරහා ගෙන්වා ගත් පුංචි විඩියෝ දසුන්වල රත්නපාලගේ දිවිල්ලේ ඇති වෙහෙසකර නොවන සැහැල්ලුව දුටු විටය.

“එන්ඩියුරන්ස් ගැනනම් අවුලක් නැහැ.ස්පීඩ් එක ඩිවලොප් කළොත් මාර දිවිල්ලක් දුවයි.”
ඒ,දවසක දීපාල් සහ මම දියගම සිමෙන්ති පඩියක ඉඳගෙන රත්නපාල දෙවැනියා වූ තරගයක් අවසානයේ, දිව්වද කියලවත් හිතන්න බැරි තරම් සැහැල්ලුවෙන් අප සමඟ කතා කර ගිය පසු වූ සංවාදයක කොටසකි..එය දැන් ඉතිං සජිත්ගේ කාර්යයකි.මේ ඓතිහාසික සහ ජාත්‍යන්තර ප්‍රවේශයේ උළුඅහු පනින්නට සජිත් ඉතිං නොපැකිළෙන බව සහතිකය.ඒ නිසා දීපාල් සමඟ වන ගුවන් හමුදාවට කියන්නට තියෙන්නේ එක දෙයකි.
”දීපාල් අපි මේ ටිකත් අල්ලගෙන යමු”

රත්නේගේ අන්තිම පාසල් තරගයේ ඔහුට සහයට යතුරු පැදියක නැඟ ගියේ මා ය.හරි නම නොදන්නා අදටත් ජපන් යැයි ආමන්ත්‍රණය කරන මිතුරාගේ යතුරු පැදියේ පිටුපස නැඟුණු මා එක දිගටම කීවේ දුවපං උඹට තියෙන්නෙ දුවලා ජීවිතය අල්ලගන්න.දුවපං යනුවෙන්ය.අද ඒ ජීවිතයේ එදාට වඩා පරාසයක් ඔහු අල්ලාගෙන සිටියත් තවමත් අල්ලා නොගත් පරාසය අති විශාලය.ඒ නිසා කියන්න ඇත්තේ තවමත් “දුවපං” යනුවෙන්මය.
එහෙත් වෙනස්වීම් ඇරඹිය යුතුව ඇත.වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා හැමතැනටම මුහුණ දාන්නට නොයන,ක්‍රීඩාව සංවර්ධනය තමන්ගේ වගකිමක් මිස බැබලීමට ලැබුණු දෙයක් සේ නොසිතන බව අවස්ථා කිහිපයකදි පෙන්නිම හොඳ තත්ත්වයකි.ඒ තත්ත්වය හැමෝම තේරුම් ගන්නේනම් මේ සටහනේ ඇති සමූහ ඡායාරූපයේ වේදිකාව මීට වඩා කුඩා කොට ක්‍රීඩකයන් ඇගයීමට තව සුළු මුදලක් හෝ වෙන් කරන්නට තිබිණ.අවසානයේ සිඳුවන්නේ ක්‍රීඩකයන්ගේ වේදිකාවේ ඔවුන්ට ඉඩ නැති වීමය.මෙහි ක්‍රීඩකයෝ සිටින්නේ ඔවුන්ට මේ ක්‍රමය අත්පත් කර දි ඇති සැබෑ තැනය.පොළවේය.වේදිකාව ඔවුන්ට හිමිවන දවසක මේ මහපොළවට ලැබෙන ක්‍රීඩාවේ සාඩම්බර ජයග්‍රහණ වැඩිවනු ඇත.

“ඉතිං රත්නෙ උඹ රත්නයක් බව මට දැණුන ඉවට මමම මට ගෞරව කර ගනිමි.අපි දුවමු.හොඳම දිණුම් කණු ඇත්තේ ඉස්සරහටය.”
පත්තර කැණීම්වල සතුට හරි සුන්දරය.අතට නොපිරෙන හිතට පිරෙන ආස්වාදය මුදලට ගන්නට නොහැකිය.අඩුවක් නොදැනෙන තරමට එය පූර්ණය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan