සටහන – රුවන් නෙළුගොල්ල
කථානායක ජගත් වික්රමරත්න මහතාට එල්ල වී ඇති පෞද්ගලික විෂමාචාර චෝදනා මත විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව, චෝදනාවට ලක්වූ කථානායකවරයාම මුලසුන දරන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විවාදයට ගැනීම ප්රතික්ෂේප කිරීම ප්රජාතන්ත්රවාදය තුළ විපක්ෂයට ඇති අයිතියට එල්ල කළ බරපතළ පහරක් බව සමගි ජන බලවේගය සහ විපක්ෂයේ මන්ත්රීවරුන් පවසයි.
කථානායකවරයාට එරෙහිව පවතින බරපතළ චෝදනා ඉවත් කර ගැනීමට ආණ්ඩුව දරන කුමන්ත්රණයට යටත්ව ආණ්ඩුවට අවශ්ය පරිදි චෝදනා සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට විපක්ෂය සූදානම් නැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.





