නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප ඉල්ලීම පිළිබඳව හෙට දින සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියෝග කළා.

නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ මෝසමක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

” ස්වාමීනි මෙම සැකකරුගේ පියා අසූ එක්වන වියේ පසුවන පුද්ගලයෙක්. ඔහු අධික විශාද තත්ත්වය නිසා රෝහල්ගත වෙලා නිවසට පැමිණ තිබෙනවා. සැකකරුගේ මවත් බරපතල හෘද රෝගී තත්ත්වයක පසුවන තැනැත්තියක්. ඇය රෝහල්ගතව සිටිනවා. ඇයට අද පස්වරු හතරට විවෘත හදවත් සැත්කමක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම සැකකරු සිටියේ ඔහුගේ මව සහ පියා සමග. තමන්ගේ දෙමාපියන් දැඩි ලෙස රෝගාතුරව සිටින බැවින් ඔවුන් රැක බලා ගැනීමේ වගකීම වැඩිමහල් පුත්‍රයා ලෙස මෙම සැකකරුට පැවරී තිබෙනවා.

මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරුට ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) ව්‍යවස්ථාව ප්‍රකාරව ඕනෑම පුද්ගලයෙකුට අධිකරණයකින් වරදකරු කරනතුරු නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය හිමිවෙනවා. අද ඔබතුමාගේ ඉදිරියේ සිටගෙන සිටින සැකකරු නිර්දෝෂි පුද්ගලයෙකු ලෙසයි සැලකිය යුත්තේ.

යම් පුද්ගලයකු රඳවා ගැනීම සඳහා නියෝග නිකුත් කළ හැක්කේ ඔබතුමාට පමණයි. ඔබතුමා එම බලය වෙනත් අයට උදුරා ගන්න දෙන්න එපා. නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ ඇයි? නීතියට පුද්ගලයකුගේ නම, තරාතිරම අදාළ නොවන නිසා තමයි එසේ කර තිබෙන්නේ. නීතිය ඉදිරියේ සැවොම එක සමානයි. මේ රජයේ අමාත්‍යවරයෙකුට අල්ලස් කොමිසමෙන් නඩුවක් ගොනු කළා. එහෙත් එම පුද්ගලයාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ නෑ. ඔහු උත්සවවල පීත්තපටි කපනවා. නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි. භයානක මත්ද්‍රව්‍ය නඩුවලදී පවා සානුකම්පිත හේතු මත සැකකරුවන්ට අධිකරණය විසින් ඇප ලබා දෙනවා. ප්‍රභාකරන් මියගිය පසුව ඔහුගේ මව සහ පියා රජයෙන් රැකබලා ගත්තා. ඒ සානුකම්පිත කරුණු මතයි.

අද පීඩාකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්වීමට පුළුවන්. එම නිසා මෙම සැකකරුගේ මව සහ පියා පත්ව සිටින දැඩි රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන එය සුවිශේෂී කරුණක් ලෙස පිළිගෙන ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. මීට වඩා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නෑ ස්වාමීනි… එහෙම කරනවනම් නිර්මාණය කරලා තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ” යනුවෙන් ප්‍රකාශ කළ ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සැකකාර නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ” ස්වාමීනි මෙම මෝසමට අදාල ලේඛන අල්ලස් කොමිසම වෙත ලැබී නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ලිඛිතව ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ස්වාමීනී අල්ලස් කොමිසම සෑම කෙනෙකුටම එකම ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. කිසිදු පුද්ගලයෙකුට විශේෂත්වයක් දක්වා නැහැ.” යනුවෙන් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම සැකකරුට අදාළ ඇප නියෝගයක් පසුගිය 23 වනදා ප්‍රකාශයට පත් කළ බවත් අද දින ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු එදින සුවිශේෂී කරුණු වශයෙන් ඉදිරිපත් නොකළ බවයි.

ඒ අනුව අද දින ඉදිරිපත් කරන කරුණු මත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට අධිකරණය තීරණය කරන බවත් ඒ අනුව එම ඇප ඉල්ලීමට අදාළ අල්ලස් කොමිසමේ ස්ථාවරය හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත් වරයා විසින් අල්ලස් කොමිසමේ නිලධාරිනියට නියෝග කළා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...