*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

අද ලාංකේය කාන්තා පිරිමි ක්‍රිකට් ‍කණ්ඩායම් දෙකටම වැදගත්

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද ලෝක කුසලාන 20/20 තරගාවලියේ පළමු පුහුණු තරගයට මුහුණ දෙනවා.ආසියානු කුසලානයට යන විටත් බින්දුවේ සිටි ශ්‍රී ලංකාව ලෝක කුසලානය සම්බන්ධයෙන් වන විමසීම්වලදීත් ලෝක කුසලානයට බොහෝ පසුපසින් සිටිනවා.නමුත් ලෝකයම දන්නා හැටියට විශ්වාසය තබන්නම බැරි ක්‍රිකට් තියෙන්නෙ ශ්‍රී ලංකාවේ කියන කාරණය අනිත් කිසි ක්‍රිකට් කණ්ඩායමක් අමතක කර නැතුව ඇති.ඒ නිසාම හැම තරගයකදිම ප්‍රතිවාදීන් පිටියට එන්නෙ ජයග්‍රහණය ඉතා පහසුයි කියන සැහැල්ලු සිතුවිල්ල දරා ගෙන නොවන අතර ශ්‍රී ලංකාවෙන් පරාජය නොවී සිටිය යුතුය කියන හැඟීම සමඟයි.

ඒ වගේම අද කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේ පළමු වටයේ අවසාන තරගයට මුහුණ දෙනවා.ඒ පකිස්තානය සමඟ.දැනමත් අවසාන කණ්ඩායම් හතර ඇතුළත සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ජයග්‍රහණය අතිශයින් වැදගත්.ඒ විශාල ජයග්‍රහණයකට යාම සඳහායි.ගැටළුව තිබෙන්නේ ශ්‍රී ලංකාව පන්දු යැවීමේ අංශයෙන් තරමට පන්දුවට පහරදීමේ අංශයෙන් ප්‍රබලව මතු නොවීමයි.අද තරගයේදී ඉදිරි අවසාන පූර්ව තරග සහ අවසාන තරගය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව මේ සඳහා සැළසුම් සකස් කරගෙන තරගයට පිවිසෙන්නේනම් තරගාවලියේ සූරතාවයට සහ අනු සූරතාවයට ශ්‍රී ලංකාවට තිබෙන ඉඩ විශාලයි.

පිරිමි කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම සමඟ වන තරගය පුහුණු තරගයක් වුවත් ජය ගැනීම වැදගත්.වේග තණතිලි සහිත බිමක ඒ ජයග්‍රාහී හුරුව තරගාවලියේ ජයග්‍රහණයට අපූරු ශක්තියක් එකතු කරාවි.බොහෝ වෙලාවට ආසියානු ජයග්‍රහණය සඳහා ආරම්භක පන්දු යැවීම සඳහා යොදාගත් මහේෂ් තීක්ෂණට මේ තරගාවලියේදි ඒ ඉඩ නොලැබෙන්නට ඉඩ තිබෙනවා.වේගයෙන් ප්‍රයෝජන ගෙන පසුවට තීක්ෂණව පන්දු යැවීමට කැඳවීම දසුන් ශානකගේ අරමුණ වීමට පුළුවන්.නමුත් එය තව දුරටත් පවත්වාගෙන යාමේ වැදගත්කම තේරුම් ගැනීමට සිම්බාබ්වේ පුහුණු තරගය යොදා පරීක්ෂණයක් කිරීමේ හැකියාව ද දසුන්ට තිබෙනවා.

චරිත් හසලංක ද මේ පරීක්ෂණය සඳහා මුහුණ දිය යුතුයි.ධනංජය ට චරිත්ගේ තැන ගන්නට ආසියානු තරගාවලියේදි තිබුණ ඉඩ චරිත් අසමත්වීමම පමණක් නොවේ.ධනංජයගේ පන්දු යැවීමේ හැකියාවද ඊට බලපෑවා.ඔහු ලැබුණු අවස්ථාවන් හී පන්දුවෙන්ද අත්‍යවශ්‍යයම කඩුල්ලක් දෙකක් දවා ගැනීම මෙන්ම ආවේශ ගැන්වෙමින් තිබෙන ප්‍රතිවාදි පිතිකරණයට යම් තිරිංග යෙදීමක්ද කරන අයුරු දකින්ට ලැබුණා.නමුත් චරිත් අසාර්ථක වන්නේනම් ඒ වෙනුවට ධනංජයම යොදා ගැනීම හැර වෙනත් විකල්පයකට යා නොහැකි වන්නේ නම් කර තිබෙන කණ්ඩායමේ තුන් ඉරියව් වේග පන්දු යවන්නෙක් නොමැතිවිම නිසයි.

දුෂ්මන්ත චමීර ප්‍රධාන වේග පන්දු යවන්නා වෙද්දී ඔහුගේ සහයට චාමික කරුණාරත්න හැරෙන්නට යොදා ගන්නා අනිත් වේග පන්දු යවන්නන් ගැන සැළකිළිමත්වීමේදී වඩාත් ඉදරියෙන් සිටින්නේ වමතින් පන්දු යවන ඩිල්ෂාන් මධුශංකයි.එහෙත් වේගය අතින් සෑහෙන සේවයක් අපේක්ෂා කළ හැකි ලහිරු කුමාර ද නොසළා හරින්නට නොහැකි බැවින් එය ප්‍රයෝජනය ගන්නේනම් පිතිකරණයේදී චාමික දක්වා වන පිතිකරුවන් සිය උපරිමය ඉටු කළ යුතුව තිබෙනවා.මහේල ජයවර්ධන ද මේ වන විට සිල්වර්වුඩ් සමඟ එක්ව සිටින නිසා පුහුණු තරග බොහෝ විට පරාජය නොවන අන්දමේ අත්හදා බැලීම් විමට ඉඩ තිබෙනවා.එසේ වුවහොත් වේග තණතීරු මත චාමික කරුණාරත්නව පිතිකරු නාමාවලියේ ඉහළට ගෙන අත්හදා බලන්නට ඇති ඉඩක් තිබෙනවා.

අද මුහුණ දෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පකිස්තානයට එරෙහිව ජය ලබා ගැනීමෙන් තරගාවලිය මුල් වටය නිමවෙන විට ඉන්දියාව හා සම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා රැඳී සිටින්නට අවස්ථාව තිබෙනවා.එම ජයග්‍රහණයේ විශාලත්වය අනුව ලකුණු සටහනේ ඉදිරියට ඒමට අවශ්‍යය ලකුණු වේගය රඳවා ගන්නට ඉඩ ලැබුණොත් අවසාන පූර්ව වටයේ දී සිව්වන තැනට සිටින කණ්ඩායම හමුවීමේ හැකියාව තිබෙනවා.එය බොහෝ විට තායිලන්ත කණ්ඩායම විය හැකි බැවින් අවසාන තරගයට ඒම සඳහා ඉන් සැකසෙන ඉඩ අතිශයින් වැදගත්.
ශ්‍රී ලංකා පන්දු යැවීමේ කාන්තා බල ඇණිය මේ තරගාවලියේ කිසිඳු කණ්ඩායමකට දෙවන නොවන මට්ටමේ දස්කම් දක්වනවා.ඒ වගේම තරගාවලියේ මුලට වඩා හොඳින් පන්දු රැකීම ද ශ්‍රී ලංකාවට මේ මොහොතේ වැදගත් වෙනවා.ඉනෝකා රණවීර මෙන්ම ඕෂධි රණසිංහගේ පන්දු ඕවර් 8 යනු තරගයේ 2/5 කොටසක් බැවින් ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීම පහසුවන්නේ නැහැ.ඒ නිසා ඕනෑම කණ්ඩායමක් ලකුණු 150 න් මෙපිට රඳවා ගත හැකි මට්ටමෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා.

නමුත් පිතිකරණය ගැන සැළකිලිමත් විය යුතුයි.විශේෂයෙන්ම නිලකුණු පන්දු (dot balls) අඩු කරගෙන එක ලකුණ සහ ලකුණු දෙක රැස් කර ගැනීම සඳහා පන්දුව ස්ථානගත කිරීමට මෙන්ම කඩුලු අතරේ දිවීම වේගවත් කිරීමට ද ශ්‍රී ලංකා පිතිකරුවන් උනන්දු විය යුතුයි.එසේම හර්ෂිතා සමරවික්‍රම සමඟ ඉණිම අරඹන්නට හසිනි පෙරේරා හෝ කෞශානි නෘත්‍යාංගනා යෙදවීම කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය යොමු විය යුතුයි.ශ්‍රී ලංකාව සතුව සිටින සුපිරිතම බලය වන චමරි අතපත්තු මේ මොහොතේ පසුවන අසාර්ථකත්වය අනියමින් කණ්ඩායමේ පහළටද දනවන එකක් බැවින් ඇයව අංක 4 හෝ 5 දක්වා ගෙන ඒම වැදගත් වෙයි.මේ වන විටත් අවසාන පූර්ව වටය සඳහා පිවිසිම වැදගත් වන බැවින් ද,ඉන්දියාව අභිබවා ලකුණු වේගයක් රඳවා ගැනීමට අසමත් වුවහොත් අවසාන පූර්ව වටයේදි යළි පකිස්තානය හමුවන්නට වන නිසාත් මේ තරගය ශ්‍රී ලංකාවට අත්හදාබැලීමක් කරන්නට නිර්භිත විය හැකි අවසාන අවස්ථාව වෙනවා.ඒ නිසා අද තරගයේදී සුගන්ධිකා කුමාරිගේ වේග පන්දුව ගැන පමණක් විහ්වාසය තබා එක වේග පන්දු යවන්නියකගෙන් තරග කරන්නට හැකිනම් වැදගත්.එසේම වමත් වේග පන්දු යවන්නිය තාරිකා සෙව්වන්දිව පරීක්ෂණයකට භාජනය කරන්නේනම් ඒ සඳහා ඇති අවසන් අවස්ථාව ද මෙයයි.

අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන හෂාන් තිලකරත්නට එම අත්දැකීම් සමඟ මේ තරගාවලියේ ශ්‍රී ලංකාව සූරතාවයේ රඳවන්නට ද ඉඩක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.ඔහු අභියෝග සඳහා බිය නැති ක්‍රීඩකයෙක්.එවැනි ඉණිම් ගණනාවක් මෙන්ම වරෙක ඔහු කඩුලු රකින්නාගේ වගකීම ගෙන එය හොඳින්ම ඉටු කරමින් ලෝක වාර්තාවකට ද දායක වූ අයෙක්.ඒ නිසා යම වෙනස්කම් සහිතව අවසාන පූර්ව තරගය සහ අවසාන තරගයට හරිම උත්තරය සෙවීමට හෂාන්ට ලැබෙන මේ අවස්ථාව අතිශයින් වැදගත්.ඒ වගේම ක්‍රීඩිකාවන ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට ක්‍රිකට් ලෝකය තුළ දිනාගත හැකි ඉහළම අවධානය සහ පිළිගැනිම මේ වන විට ඇත්තේ චමරි අතපත්තුට බව නො’රහසක්.ඒ සඳහා සිය නායකත්වය යටතේ ආසියාව ජයගැනීමට ඇති ඉඩෙහි ඓතිහාසික වටිනාකම ඇය තේරුම් ගන්නේනම් ජයග්‍රහණය සඳහා මේ මොහොතේ ඇයගේ දායකත්වය දිය යුතු හරිම ආකාරය තේරුම් ගැනීමට ඇයට ඇති අත්දැකීම් යහපත්ම මාර්ගය පෙන්වා දෙනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan