බයිඩන්ගෙන් යුක්රේනයට ගුවන් ආරක්ෂණ පද්ධතියක්

Date:

යුක්රේනය හා රුසියාව යා කරන වැදගත් උපාය මාර්ගික පාලමක් වූ කර්ච් පාලම ට්‍රක් රථ බෝම්බයක් මඟින් පුපුරවා හැරීමත් සමඟ, ඊයේ දිනයේදී රුසියාව විසින් යුක්රේනයේ සන්නිවේදන පහසුකම් සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්කගතව පුද්ගලයන් 14 දෙනෙකුට මරු කැඳවමින් මිසයිල 84ක් පමණ එල්ල කළ බව යුක්රේන ආරංචි මාර්ග නිවේදනය කරන කර ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් බයිඩන් විසින් යුක්රේනයට දියුණු ගුවන් ආරක්ෂණ පද්ධතියක් ලබා දීමට නියමිත බව බව ධවල මන්දිර ආරංචිමාර්ග අනාවරණය කර තිබේ.

එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාක්ෂිකයින්(G7) විසින් රුසියාවෙහි යුධ අපරාධ වලට හා කුරිරුකම්වලට වගකිව යුතු බව අපේක්ෂා කරන බවත්, යුක්‍රේනයට ආරක්ෂාව, ආර්ථික සහ මානුෂීය ආධාර ලබා දෙන බවත් බයිඩන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව පෙබරවාරි 24 වැනි දින රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළ දා සිට ඩොලර් බිලියන 16.8 කට වඩා වටිනා ආරක්ෂක ආධාර එක්සත් ජනපදය විසින් යුක්රේනයට ලබා දී ඇත. මේ වන විට යුක්රේනයේ අරගලයට ලැබෙන අතිමහත් ජාත්‍යන්තර සහයෝගය හේතුවෙන් ජාත්‍යන්තර වේදිකාවේ රුසියාව දැඩි ලෙස හුදකලාව ඇත.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි :

01. පුටින්ට උපන්දින තෑගි – ”සියවසේ ඉදිකිරීම” පුපුරවා හැරේ. https://outboundtoday.com/%e0%b6%b4%e0%b7%94%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%91%e0%b6%9c%e0%b7%92-%e0%

02.පුටින් යක්ෂාවේස වෙයි. යුක්රේනයට පිට පිට මිසයිල 75ක්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...