අද රෑ සිට නැවත දැනුම් දෙනතුරු පැයක් විදුලිය කැපේ

අද (12) රාත්‍රියේ සිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

කැළණිතිස්ස විදුලි බලාගාරය අසල පිහිටි පෞද්ගලික බලාගාරයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙසේ විදුලිය කප්පාදු කෙරෙනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා කාලය තුළ මෙසේ විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති අතර නැවත දැනුම් දෙනතුරු එය ක්‍රියාත්මක වනු ඇත.

RN