*
Friday, September 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/12

1. ශ්‍රී ලංකාව මධ්‍ය-ආයාදම් ලබන රටක් ලෙස පැවති කාණ්ඩයෙන් අඩු-ආදායම් ලබන රටක් කාණ්ඩය දක්වා “අඩු ශ්‍රේණිගත කිරීම” සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පවසයි – එහෙත් ජනාධිපති කාර්යාලය පවසන්නේ, ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස ම පවතිනු ඇති බවත්, රජය තාවකාලිකව “ප්‍රති ක්‍රමාංකන” (reverse graduation) ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ය.

2. විදේශ අමාත්‍ය අලි සබ්රි, තමා මුදල් අමාත්‍යවරයාව සිටියදී සිදු කළ “ණය පැහැර හැරීමේ” සම්පූර්ණ වගකීම භාරගන්නා බව පවසයි – ණය පැහැර හැරීම කල්තියා ප්‍රකාශයට පත්කරන ලෙස හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සම තමාට උපදෙස් දුන්නේ “ලෝක පූජිත උපදේකයන්” වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජන් සහ ශාමලී කුරේ යනාදීන් බවත්, එවිට එම ණය පැහැර හැරීම මෙතරම් “දැඩි” ණය පැහැර හැරීමක් සිදු නොවනු බවට ඔවුන් පැවසූ බවත් අනාවරණය කරයි.

3. පළමු භාණ්ඩාගාර බැඳුම්කර නඩුවේ චෝදනාවලින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ තවත් 9 දෙනෙකු නිදහස් කිරීමට ස්ථීර මහාධිකරණය නියෝග කරයි – පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරියට ගෙන යා නොහැකි බව ප්‍රකාශ කරයි – බහුතර තීන්දුව විනිසුරු සංජීව මොරායිස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ල ගෙන්.

4. ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් සම්බන්ධවන “වංචා නඩුවකට” අදාළව ඉහළ පෙළේ ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලි හට පුද්ගලයන් ගෙන් වංචාකර රුපියල් මිලියන ගණනක මුදල් අවභාවිතා කළ බවට චෝදනා!

5. සෞඛ්‍ය සේවයේ එක් විශේෂිත වෘත්තියක් සඳහා පමණක් විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කළහොත් ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග ගැන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය අනතුරු අඟවයි.

6. දෛනිකව සාමාන්‍යයෙන් රු. බිලියන 1 ක් වටිනා චෙක්පත්‍ 2022 දෙවන කාර්තුවේ දී ආපසු එවෙයි. 2022 පළමු කාර්තුව හා සසඳන විට සියයට 30 ක වැඩිවීමක්; 2022 දෙවන කාර්තුවේ දී සියයට 8.4 කින් ආර්ථිකය ද හැකිලී ගොස් ඇත.

7. පොළී අනුපාත සියයට 28 – 30ක් වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රය කිසිදා ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ (Chamber of Construction Industry Sri Lanka) හිටපු සභාපති ඉංජිනේරු රංජිත් ගුණතිලක ප්‍රකාශ කරයි – ජනතාව තම මුදල් සංවර්ධන කටයුතු සඳහා භාවිත නොකරන බවත්, කර්මාන්ත සේවකයන්ට රැකියා අහිමිව ගොස් ඇති බවත් පවසයි.

8. ලොව දුප්පත්ම ජනතාවගෙන් අඩකට වඩා ජීවත් වන ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 53 කට, ඊටත් වඩා අන්ත දරිද්‍රතාවය සහ දේශගුණික විපර්යාසවල උග්‍ර බලපෑම් වළක්වා ගැනීම සඳහා හදිසි ණය සහන අවශ්‍ය වන බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඇස්තමේන්තු කරයි!

9. නව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් “ඩිජිටල්” රියදුරු බලපත්‍ර නිකුත් කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි – වසර අවසාන වන විට තත්ත්වය පහව යනු ඇතැයි ද පවසයි.

10. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වොෂින්ටනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් හමුවෙති – ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා දැන් මාස 7 ක් ගතවී ඇත – එම කාලය තුළ සියලුම මූල්‍ය සේතුකරණ (Bridging Finance) ද සම්පූර්ණයෙන්ම නතර වී ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan